
ජනපති අරමුදලෙන් මාස 11ට කෝටි 300ක් බෙදලා
DESHAYA LK NEWS
2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා.
මෙම වසරේ ජනවාරි 01 දා සිට නොවැම්බර් මස 30 දා දක්වා ගතවූ මාස 11 ක කාලය තුළ ජනාධිපති අරමුදලින් රුපියල් කෝටි 300ක් පමණ ආධාර වශයෙන් විවිධ තැනැත්තන්ට ලබා දී ඇත. මෙයට අදාළව විශේෂ වාර්තාවක් පළ කර ඇති බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය (BBC) සඳහන් කරන්නේ මෙලෙස ජනාධිපති අරමුදලින් රුපියල් කෝටි 58 ක්ම වැයකර ඇත්තේ විවිධ තැනැත්තන්ගේ වෛද්‍ය ආධාර වෙනුවෙන් බවයි. අපොස උසස් පෙළ ශිෂ්‍යාධාර ලෙස රුපියල් කෝටි 32 ක්ද මහපොළ ශිෂ්‍යාධාර ලෙස රුපියල් කෝටි 16 ක්ද තරුණ දරුවන්ගේ සුබසාධනයට රුපියල් කෝටි 15 ක්ද භික්ෂු අධ්‍යාපනයට රුපියල් කෝටි 3 ක්ද ආදී වශයෙන් සෙසු වියදම් දරා ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය. පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වූයේ පැවැති රජයන් යටතේ මැති ඇමැතිවරුන් රුපියල් කෝටි ගණනක මුදල් ජනාධිපති අරමුදලෙන් වෛද්‍යාධාර ලෙස ලබාගෙන ඇති බවය.