ජාතික ඔලිම්පික් කමිටුවට ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවයි

0
302

ජාතික ඔලිම්පික් කමිටුවට ලබාදෙන මූල්‍ය ප්‍රතිපාදන අත්හිටුවයි
ARUNA LK NEWS
14 December 2024

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් සහ ආසියානු ඔලිම්පික් කමිටුවෙන් මෙරට ඔලිම්පික් කමිටුවට ලබාදෙන අරමුදල් අත්හිටුවීමට තීරණය කර තිබේ.

කෙසේවෙතත් ඔලිම්පික් ශිෂ්‍යත්ව සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුකරන සෘජු ගෙවීම් එලෙසම ක්‍රියාත්මක කෙරෙන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ජාතික ඔලිම්පික් කමිටුව වෙත ඊමේල් පණිවුඩයකින් දන්වා ඇත.

ඒ අනුව ජාතික ඔලිම්පික් කමිටු විශේෂ මහ සභා රැස්වීමක් ඊයේ (13)පැවති අතර එහිදී තීරණය කළේ ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය කඩිනමින් පැවැත්විය යුතු බවය.

කෙසේවෙතත් කමිටුවේ වත්මන් නිල කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2026 අප්‍රේල් මාසයේදීය.

ඊයේ රැස්වූ විශේෂ මහ සභා රැස්වීමේදී ඉක්මනින් නිලවරණයක් පැවැත්වීමේ යෝජනාව තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත වී තිබේ.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිර්දේශ ලබාගැනීමෙන් පසුව ජාතික ඔලිම්පික් කමිටුවේ මීළඟ නිලවරණය එළඹෙන වසරේ මාර්තු මාසයට පෙර පැවැත්වීමට සැලසුම් කරන බව වාර්තා වෙයි.

කෙසේවෙතත් මේ වනවිට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් සහ ආසියානු ඔලිම්පික් කමිටුවෙන් මෙරට ඔලිම්පික් කමිටුවට ලබාදෙන අරමුදල් දෙසැම්බර් 10 වනදා සිට අත්හිටුවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here