කැලිෆෝනියාවේ ප්‍රබල භූකම්පනයක්

0
109

කැලිෆෝනියාවේ ප්‍රබල භූකම්පනයක්

ARUNA LK NEWS

06 December 2024

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් ඇතිව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ (05) පස්වරු 6.44ට පමණ භූකම්පනය හටගත් බවයි.

මෙම භූකම්පනයේ කේන්ද්‍රය සටහන්ව තිබුණේ කැලිෆෝනියාවේ ෆර්න්ඩේල් නගරයට කිලෝමීටර 100ක් පමණ ඔබ්බෙන් වූ මුහුදේ ය.

මේ සමග මිලියන 5ක පමණ පිරිසකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.

එමෙන්ම වෙරළබඩ නගරවලින් ජනතාව ඉවත් කෙරුණු අතර, ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ද නිවේදනය කළේය.

කෙසේ වුවද භුකම්පනය සිදුවී පැය දෙකකට ආසන්න කාලයකින් පසුව සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කර ඇත.

භූකම්පනයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර, ඉන් සිදුව ඇත්තේ ද ඉතාමත් සුළු දේපල හානියක් පමණක් බවද වාර්තා වේ.

කෙසේ වුවද එහි බලපෑමෙන් 10,000ක පමණ පිරිසකට විදුලිය ඇනහිටීමකට මුහුණ දීමට සිදුව තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here