සුළි කුණාටුවෙන් මුළු රටේ ම ලක්ෂ 4කට බලපෑම්: මරණ 12යි

0
107

MAWBIMA LK NEWS

By Anjali Withanage -නොවැම්බර් 28, 2024

දින කිහිපයක් පුරා පැවති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 120,534 පුද්ගලයන් 401,707ක පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ, ආපදා තත්ත්වය තුළ පුද්ගල මරණ 12ක් සහ තුවාල ලැබු පුද්ගලයන් 18ක්, අතුරුදන් වීම් 1 ක් වාර්තා වුණු බව ය.

බදුල්ල, අම්පාර, පුත්තලම, ත්‍රිකුණාමලය, වව්නියාව යන දිස්ත්‍රික්කවලින් මෙම මරණ වාර්තා වුණ බව ඔහු පැවසීය.

පවුල් 116,63ක පුද්ගලයන් 363,30ක් තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන 345ක රඳවා සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරයා තවදුරට ත් සඳහන් කළේ ය.

පූර්ණ නිවාස හානි 102ක් වාර්තා වන අතර නිවාස අර්ධ හානි 1952ක් වාර්තා වී තිබේ.

යාන් ඔය, මල්වතු ඔය, මහවැලි ගඟ, අත්තනගලු ඔය, නිල්වලා ගඟ ආශ්‍රිතව ගංවතුර මට්ටමක් පවතින බව ත් මෙම ප්‍රදේශ දෙපස සිටින ජනතාව මේ පිළිබඳව විමසිල්ලෙන් සිටීම වැදගත් වන බව ත් ඔහු සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here