අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි

0
88


DINAMINA LK NEWS
November 26, 2024

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට ලබන පෙබරවාරි මස 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (26) නොතීසි නිකුත් කළේය.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදුකළේ යැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ලක ඔහු සැකකරුවකු වශයෙන් නම්කර සිටියි.

හිටපු මහ බැංකු අධිපතිවරයා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී නිලධාරීන්ට බලපෑම් කර ඥාති සංග්‍රහ කරමින් රජයට පාඩුවක් සිදු කිරීමට එරෙහිව මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here