
පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස අශෝක රන්වල පත් කෙරේ
21 November 2024
පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස අශෝක රන්වල පත් කෙරේ
10 වන පාර්ලිමේන්තුවේ කථානායක ධූරය සදහා අශෝක රන්වල පත් කර තිබේ.
දසවන පාර්ලිමේන්තුවේ කතානායක ධූරයට අශෝක රන්වල තේරී පත් විය.
අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය ඔහුගේ නම යෝජනා කළ අතර අමාත්‍ය විජිත හේරත් විසින් ස්ථීර කිරීම සිදු කරන ලදී.
තමන් කතානායක තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් නව කතානායකවරයා සිය ස්තූතිය පළ කළේ ය.
ජාතික ජන බලවේගයේ විධායක සභිකයකු වන රන්වල මහතා මෙවර මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කොට මනාප ඡන්ද 109,332ක් ලබා ගම්පහ ජා.ජ.බ. මනාප ලැයිස්තුවේ හය වැනි ස්ථානයට පත් විය.
හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රිවරයකුද වන අශෝක රන්වල ජෛව ජනන අර්ථ ශාස්ත්‍ර පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයාද විය.
ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ලෙසද කටයුතු කළ රන්වල මහතා ජාතික ජන බලවේගය සමඟ ප්‍රබල ක්‍රියාකාරී දේශපාලනයක නිරත වූවෙකි.