කංචන සිලින්ඩරයෙන් පාර්ලිමේන්තුවට

0
72

කංචන සිලින්ඩරයෙන් පාර්ලිමේන්තුවට

ARUNA LK NEWS

20 November 2024 | සාලිය කුමාර ගුණසේකර

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරිවී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා කංචන විජේසේකරගේ නම යෝජනා කර එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යවා ඇත.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සිලින්ඩරය ලකුණින් තරග කරන ලද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර 02 ක් හිමිවූ අතර, පක්ෂයේ ලේකම්වරිය විසින් පක්ෂයේ සාමාජිකයන්ගෙන් විමසීමකින් තොරව එක් මන්ත්‍රි ධුරයක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සභික රවී කරුණානායකගේ නම යෝජනා කර මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යවන ලදී.

මේ අනුව, ඉතිරි මන්ත්‍රි ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කංචන විජේසේකරට ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්වූ මන්ත්‍රි කණ්ඩායම සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහභාගිත්වයෙන් කොළඹ, මල් පාරේ පිහිටි කාර්යාලයයේදී පැවැති රැස්වීමේදී තීරණය කර තිබේ.

කංචන විජේසේකර නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කයෙන් තරග කළ නමුත් ඔහු පරාජයට පත් වූවේය. ඔහු ඉකුත් රජයේ විදුලි බල හා බලශක්ති ඇමැතිවරයා ලෙස කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here