හිටපු ජනපතිලාගේ ආරක්ෂක වියදම් හෙළිවේ – වැඩිම මහින්දට

0
60

හිටපු ජනපතිලාගේ ආරක්ෂක වියදම් හෙළිවේ – වැඩිම මහින්දට
හේමන්ත රන්දුණු
DIVAINA LK NEWS

November 10, 2024

කෝටි 32
රනිල්ට කෝටි 25ක්
චන්ද්‍රිකාට කෝටි 9යි
මෛත්‍රීට කෝටි 18.5ක්
ගෝඨාට කෝටි 3යි
හේමාටත් කෝටි 2ක්

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක වියදම් සඳහා වාර්ෂිකව වෙන් කරන රුපියල් කෝටි 110ක මුදලින් වැඩිම මුදලක් වැය කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් බවට හෙළිවී ඇත.

ඒ අනුව ඔහු වෙනුවෙන් වැය කර ඇති එම මුදල රුපියල් තිස් දෙකෝටි හැටපන් ලක්ෂ අසූ දෙදහස් අටසිය දහනවයක් බව රජයේ ආරංචි මාර්ග කියා සිටී.

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට සහ ආර්. ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියගේ ද ආරක්ෂක වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 110කට අධික මුදලක් වාර්ෂිකව වැය වන බව ද ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

එම හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වැය කරනු ලබන වාර්ෂික ආරක්‍ෂක වියදම් මෙසේය.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය – නවකෝටි අසූඅට ලක්‍ෂ හැත්ත එක් දහස් අටසිය හැටහයයි (98871866)

මහින්ද රාජපක්ෂ මහතා – තිස්දෙකෝටි හැටපන් ලක්‍ෂ අසූදෙදහස් අටසිය දහනවයයි (326582819)

මෛත්‍රීපාල සිරිසේන- දහඅටකෝටි පනස් එක් ලක්‍ෂ හැටහයදහස් පන්සිය තිස්පහයි (185166535)

ගෝඨාභය රාජපක්ෂ මහතා – තුන්කෝටි අනූඑක් ලක්‍ෂ හතළිස් එක් දහස් හාරසිය අසූඅටයි (39141488)

හේමා ප්‍රේමදාස මහත්මිය – දෙකෝටි අනූ අටලක්‍ෂ හැත්තෑඅටදහස් අටයි (29878008)

රනිල් වික්‍රමසිංහ මහතා – විසිපන්කෝටි තිස්තුන් ලක්‍ෂ අනූපන්දහස් දෙසිය හතළිස් නවයයි (253395249).

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් වෙනුවෙන් විදුලි බිල, ජල ගාස්තු, කෑම බීම, ඉඳුම් හිටුම්, ප්‍රවාහන වියදම් ද සමග සියලු වියදම් ප්‍රමාණය මෙලෙස රුපියල් කෝටි 110 ඉක්මවනු ලබයි.

හේමන්ත රන්දුණු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here