
ශ්‍රීලංකන් ගුවන් යානයක් තාක්ෂණික දෝෂයකට ලක්වෙයි
ARUNA LK NEWS
09 November 2024
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රීලංකන් ගුවන් යානයක් තාක්ෂණික දෝෂයකට ලක්වීම හේතුවෙන් අවලංගු කළ බව ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය පවසයි.
එහි ප්‍රධානී දීපාල් පෙරේරා පැවසුවේ අද (09) අලුයම 12:30ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබු ගුවන් යානය මෙලෙස අවලංගු කිරීමට සිදුවු බවය.
ඒ අනුව හදිසි අවශ්‍යතාව මත ගුවන් මගීන් වෙනත් විකල්ප ගුවන්යානා මගින් පිටත් කර හැරීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇත.
අනෙකුත් ගුවන් මගීන් පිරිස හෙට (10) දින අලුයම 12.30 ට පිටත්වීමට නියමිත ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා රැගෙන යන බවද ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.