


ශ්‍රී ලාංකික දේශපාලනය මෙතෙක් නොපැමිනුණු ගමන් මගකට අප අවතීරණ වෙමින් සිටි
තම්ඹුත්තේගමින් බිහිවූ කොලුගැටයෙකු දේශපාලන කරළියේ
නිදහසින් පසු ශ්‍රී ලාංකික දේශපාලනය යටි උඩු කර දමා මෙතෙක් නොපැමිනුණු ගමන් මගකට අප අවතීරණ වෙමින් සිටි.මෙම පෙරළියට මුල් වුයේ තම්ඹුත්තේගමින් බිහිවූ කොලුගැටයෙකු දේශපාලන කරළියේ මුදුන් පෙත්තට පත්ව ඇති හෙයිනි.මෙතෙක් අප දේශපාලනයේ දොර විවර වි තිබුනේ කොළඹ රාජකීය පවුල් වල නැතිනම් ඉහල පෙළේ ඒ පාසල්වල උගත් සැපපහසු මාලිගාවල උපතලැබූ අයවලුන්ට පමණක් විය.එමගින් වෙනස්වූ ගමේ ඉපිද ඇලෙදොලේ ඉපනැල්ලේ පහසලද ඔහු සිය දෙමාපියන් සමග සිය කුඩා අවදියෙහි පටන් කුඹුරු ගොවිතැන් වල මෙන්ම ගමේ පොලට ගොස් සිය පළදාව විකුණා දිවි පෙවෙත ගෙන ගිය කෙනෙකුට ඒ දොරටුව විවර නොවුවේය.ගමේ පාසල් වලින් දහසකුත් බාධක අගහිගකම් මැද්දේ ගමේ පාසලින් සිප් සතර හදාරමින් සිය ජීවිතය ජයගත් අයෙකුට මෙවර ඒ දොර විය.ඔහුට ගැමි සිතුම් පැතුම් ගති පැවතුම් ජන්මයෙන්ම ඔහුගේ ජිවිතය හා බද්ධව තිබු එකක් විය.ඔවුන්ගේ මෙතෙක් පැවති පාලන ක්‍රමය රටේ බහු ජනතාවගෙන් අවශ්‍යතා ඉටු කිරීම වෙනුවට ඔවුන්ගේ හා ඔවුන්ගේ නෑදෑ හිතමිතුරන්,වන්දිබට්ටන්ගේ හිතසුව සපුරා ලන්නට සැකසුණු එකක් විය.
රටේ බහුතරයක්වූ ජනතාවගෙන් ඈත්වූ මේ පරිපාලනය මොවුන් විසින් වසර 76ක කාල වකවානුවක් තිස්සේ රටේ පාලනය ගෙනගියේය.ඔවුන් සිය පරම්පරාවේ සියල්ලන් හා නෑහිත මිතුරන් සිය පාලනයට හවුල් කරවාගෙන සිය හිතුමනාපයට නීති අණපනත් සම්පාදනය කරමින් රටේ පාලනය කරමින් රටේ මුදල් කාබාසිනියා කර දැමුවේය. එයට විරුද්ධවූ අය හෝ එය විවේචනය කළ ජනමාධ්‍යවේදීන් හෝ කුමන තරාතිරමයේ අයෙකු වුවද විනාශකර දැමුවේය.මේ දේශපාලන කල්ලිවලට අවනත වූ පිරිස්වලට නොයකුත් වරප්‍රසාද දෙමින් සිය පාලනය සිතැඟි පරදී ගෙනගියේය. එයට එරෙහිව පැවති කැරලි රැසක් උතුරේ මෙන්ම දකුණේද මේ කාල පරාසය තුළ එම පාලන ක්‍රමයේ වෙනසක් ඇති කිරීම වෙන් සිය ජිවිත කැපකළ පිරිසද දහස් ගන්නකි.සුප්‍රසිද්ධ බටලන්ද ඇතුළු වදකාගාර 63 පවතී සමයක් තිබුණි.හිට්ලර් නැතිනම් පොල්පොට් සමය මෙන් ගෙනගිය දුෂිත පාලන ක්‍රමයක් විය. ඒ ධර් මිෂ්ඨ යයි කියාගත් පාලනය තුළ දසවදවලට ගොදුරුවූ ජිවිත අපට අද අමතව ගොස් ඇත.නීතිය වල් වැදී ගිය ඒ සමය යුක්තියවෙනුවෙන් සටන්කළ නීතිඥ 15 දෙනෙකු පාලකයන් විසින් අමුඅමුවේ මරාදැමුවේය. සිරගෙවල් වල සිරබත් කෑ ,පුනුරුත්තාපන කඳවුරුවල වසර ගණන් සිය ජීවිතවලින් වන්දි ගෙවූ , දේශපාලන පාලන පළිගැනීම්වලට ලක්වී සිය බලාපොරොත්තු සුන් කරගත් දහස් ගනණකි. තවත් කොටසක් සිය ජිවිත බේරා ගන්නට විදෙස් රැකවරණ පතා පලාගියේය.ඒ වෙනුවෙන් සටන් වැඩුණු පිරිසක් තම කාලය එන තුරු සංවිධානය වෙමින් දේශපාලන ප්‍රවාහයට එක වෙමින් විවිධ හැල හැප්පීම් වලට ගොදුරුවෙමින් සිය අරමුණ කෙසේ හෝ ඉටු කර ගැනීමට කල්යල් බලමින් සංවිධානය විය. ගම් , නගර මෙන්ම කම්හල් විශ්ව විද්‍යාල ගම්මට්ටමින් එකරාශිවූ ඒ ගමන් මග අද වනවිට එක්තරා සංදිස්ථානයකට එලඹ සිටිති.”ජනතාව සැමදා රැවටිය නොහැකිය” කියමන සනාථ කරමින් රජරටින් විප්ලවීය නායකයෙකු කාලයත් සමග ඉස්මතු වී ඇත.මෙරට සැබෑවෙනසක් ඉටු කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන පසුගිය ජනාධිපති මැතිවරණයේදී නව ජනපති වරයෙකු තෝරාගෙන ඇත. ඔහු මේ වනවිට රටේ නායකත්වයට පත්ව ඇත.ඔහු 56 වැනි වියෙහි පසුවන අනුර කුමාර දිසානායකයන්ය.
කවුද මේ අනුර කුමාර දිසානායක?
දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක වන ඔහු උපත ලැබුවේ 1968 වසරේ නොවැම්බර් මස 24 වන දා මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල, දේවහුව ප්‍රදේශයේදී ය. ගොවි පවුලක උපත ලැබූ ඔහුගේ පියා කලක් මිනින්දෝරු මහතෙකු යටතේ සේවය කළ කම්කරුවෙකු විය.මව ගෘහිණියක් විය.දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී නම් විය. ඔහු දරුවන් දෙදෙනෙකුගෙන් යුත්මේ යුවළගේ පවුලේ දෙවැනි දරුවා විය. ඔහුට එක් වැඩිමහල් සොහොයුරියක් සිටින අතර ඇය නමින් ශ්‍රියාලතා දිසානායකය නම්විය. කලක් අනුරාධපුරයේ, කලාවැවට යාබද පළාගල ප්‍රදේශයේ ළමා දිවියේ මුල් වසර කිහිපය ගතකොට ඇති අනුර කුමාර තඹුත්තේගම, නල්ලච්චිය ගම්මැද්දට පැමිණ ඇත්තේ ඉන් අනතුරුවය.
ඔවූන් පදිංචිව සිටියේ කුලී නිවසකය.ඉතා අවම පහසු කම් අගහිඟකම් මැද එහි ජීවත්වූ අයුරු ඉතා මෑතකදී අනුර කුමාර දිසානායකයන් සිය රුපවාහිනී සාකච්ජාවකදී ද, සිය සිප්සතර හැදෑරු තඹුත්තේගම විදුහල් බිමේ පැවැති රැස්වීමකදී තම දෑස්පාද දුන් ගුරු මව්පියන් හා සිය පාසල් මිතුරන් හමුවේදී ඉතා සංවේදී කතාවක් කරමින් සිය අතීතය ආවර්ජනය කළේය.එය ඇත්තෙන්ම ඉතාවටිනා එකක්වන්නේ ඔහුගේ නිහතමානී බව පිළිබිඹු කරණ සිය කටුක දිවිගමනේ සංසිදින් එකින් එක නොවලහා දිගහැරුණු සංවේදී කතාවක් වූ බැවිනි.
ඔහු තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් (ඊට පෙර තඹුත්තේගම ගාමිණී මහා විද්‍යාලය ලෙස හැඳින්විණි) සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලද අතර උසස් පෙළ සඳහා අධ්‍යාපනය ලැබුවේ, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙනි. තඹුත්තේගම ගාමිණී මහා විද්‍යාලයෙන් සහ පසුව තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර,ඔහුට සිය උසස් පෙළ සඳහා අනුරාධපුර මාධ්‍ය මහා විදුහලට යාමට අවශ්‍යවුවද ඒ සඳහා වැය කිරීමට තරම් වත්කමක් ඔවුන්සතු නොවිය.වරක් රුපවාහිනී නාලිකාවක වැඩසටහනකදී ඔහු පැවසූ දෙයක් මට අදමෙන් සිහියට නැගෙයි. “සමහර දිනවල අපි කොළඹ සිට අනුරාධපුර බලා ගිය දුම්රියට එහි පළතුරු පවා වෙළඳම් කළා,අපේ ගුරුවරු දුම්රියේ යන දිනවලදී ඔවුන්ට නොදැනෙන – නොපෙනෙන පරිදි ඒවා බඩු සීට්යට සඟවා එහිගමන් යන මගීන්ලෙසත් කටයුතු කළා.”ඔහු පවසා සිටියා.මෙකල වනවිට ඔහු උගත් විදුහලේ අපොසප උසස් පෙළ පන්ති නොතිබුණු අතර ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන්ද නොසිටියේය.ඉන් අනතුරුව පැමිණි එක ගුරුවරියක් විද්‍යා විෂයන් 4 ම මහත් වෙහෙසක් දරා ඔවුනට උගන්වා තිබුණි.ඔහු මේ කාලයේ ඉගැන්වූ ගුරු මෑණිවරුන් පියවරුන් පිලිබඳ පාසල් පියසේ පැවති අවසන් රැස්වීමකදී සිහිපත් කලේ එහි රැස්ව සිටි අයගේ දෑස් තෙත් කරවමිනි. හරිහැටි පාඩම් කිරීමට තැනක් නොතිබුණි.ඔවුන් තම්බුත්තේගම තැපෑලහලේ හිස්ව තිබු උඩුමහලේ සිට පදම්වල යෙදුණු බවත් ගුරුමව් වරුන් ඔවුනට කෑමබීම පවා සපයා දෙමින් දිරිමත් කර තිබුණි.අවසානයේ එම විද්‍යාලයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබූ පළමු ශිෂ්‍යයා වුයේ ඔහු විය. පාසල් වියේ සිටම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූ ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ ශිෂ්‍ය දේශපාලනයේ ක්‍රියාකාරී විය.
1987 දී, ඔහු ජවිපෙට බැඳී පූර්ණ කාලීන දේශපාලන කටයුතුවල නිරත වීමට පටන් ගත්තේ විශේෂයෙන් 1987-1989 ජවිපෙ කැරැල්ල ආරම්භ වීමත් සමඟය. ඔහු අනුර විසින් සුනිල් අයියා ලෙස හැඳින්වූ ඔහුගේ පළමු ඥාති සොහොයුරා වන සුනිල් දිසානායක සමඟ විය. දිසානායක මුලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ නමුත් කැරැල්ල අතරතුර ආරක්‍ෂාව නිසා පිටව ගියේය. ඔහුගේ ඥාති සොහොයුරා වන සුනිල් අත්අඩංගුවට ගෙන, වධහිංසා පමුණුවා මරා දමන ලදී. අනුර කුමාර සැඟවී සිය ජීවිතය බේරා ගත්තේය. මේ හේතුවෙන් ඔහුගේ පවුලට අනේකවිද හිරිහැරවලට ලක් වූහ. මෙහි ප්‍රත්පලයක් ලෙස ඔවුන්ගේ නිවසකද ගිනිබත් කළේය.ජනතා විමුක්ති පෙරමුණට එරෙහි මර්දනය අවසන් වී තත්ත්වය ආරක්‍ෂිත වූ පසු 1992 දී කැලණිය විශ්වවිද්‍යාලයට පේරාදෙණියෙන් මාරු වූ ඔහු එහිදී අධ්‍යාපනය අවසන් කර 1995 දී විද්‍යාවේදී උපාධිය ලබා ගත්තේය.
1994 දී ශ්‍රී ලංකා රජය විසින් ජවිපෙ තහනම ඉවත් කිරීමත් සමඟ දිසානායක පූර්ණකාලීන දේශපාලනයට පිවිසියේය. සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක ලෙස සහ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකු ලෙසය. අනතුරුව 1998 ජවිපෙ දේශපාලන මණ්ඩලයට පත්වී 2000දී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි යේය. ඔහු 2004දී පාර්ලිමේන්තුවට තේරී පත්විය. 2004 සිට 2005 දක්වා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.2014දී ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත්විය. 2015 සිට 2018 දක්වා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළේය. 2019 දී ඔහු ජාතික ජන බලවේගයේ (NPP) ආරම්භක නායකයා බවට පත් විය.අති දුෂ්කර ගමන් මගක අවසානයේ ඔහු 2024 සැප්තැම්බර් 22 වන දින ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූයේය.
මෙරට සැබෑවෙනසක් ඉටු කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන පසුගිය ජනාධිපති මැතිවරණයේදී නව ජනපති වරයෙකු තෝරාගෙන ඇත.
ශ්‍රී ලාංකික දේශපාලනය මෙතෙක් නොපැමිනුණු ගමන් මගකට අප අවතීරණ වෙමින් සිටි.2019 සිදුවූ ජන අරගලය හේතුකොටගෙන හිඑවකට බලයේ සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලා ගියේය. අනතුරුව ඒ අවස්ථාවකදී කොන්දේසි සහිතව අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට පක්ෂ නායකයින් වෙත ඇරයුම් ලැබුණු අතර අනුර කුමාර දිසානායකටද ඇරයුමක් සිදු කරන ලද මුත් ඔහු එය ප්‍රතික්ෂේප කරන ලදී.රනිල් වික්‍රමසිංහයන් එය භාර ගෙන පසුව තාවකාලික ජනපති පදවියට පත්වූයේය.
එමකල වකවානුව අවසානයේ 2024 ජනාධිපතිවරණයක් කැඳවනු ලැබුවේය. මේ විට ජාතික ජන බලවේගය මෙරට දේශපාලනයේ ප්‍රබල කඳවුරක් බවට පත් කරලීමට සමත් වූයේ අනුර කුමාර දිසානායකගේ නායකත්වය සහ මගපෙන්වීම යටතේ සමත් විය. 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ පළමු වටයේ ඡන්ද ගණන් කිරීම අනුව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක පළමු ස්ථානය හිමි කරගෙන තිබිණි.
මෙය ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පෙරළිකාර මැතිවරණ ප්‍රතිඵලයක් ලෙස සලකුණුගත විය. කෙසේ වෙතත් පළමු වටයේදී සජිත් ප්‍රේමදාස දෙවැනි ස්ථාන හිමි කරගෙන සිටි අතර, ඔවුන් දෙදෙනාටම 50% ප්‍රතිශතය ඉක්මවා ඡන්ද ලබා ගැනීමට නොහැකි වීම විශේෂත්වයකි.
පළමු වටයේ ඡන්ද ගණන් කිරීම අනුව, අනුර කුමාර දිසානායක ඡන්ද 5,634,915 ක් ලබාගෙන සිටි අතර එහි ප්‍රතිශතය 42.31% කි.
සජිත් ප්‍රේමදාස ඡන්ද 4,363,035 ක් ලබාගෙන 32.76% ක ප්‍රතිශතයක් හිමි කරගෙන තිබිණි.
ඒ අනුව, අනුර කුමාර දිසානායක මූලික වටයේ ඡන්ද ගණනය කිරීම අනුව, සජිත් ප්‍රේමදාසට වඩා වැඩි ඡන්ද 1,271,880ක් ලබා සිටියේය.
කෙසේ වෙතත්, දෙදෙනාටම 50% ඉක්මවා ඡන්දය ලබා ගැනීමට නොහැකි වූ හෙයින් දෙවැනි සහ තෙවැනි මනාප ගණන් කෙරිණි. තෙවැනි ස්ථානයේ පසු වූ රනිල් වික්‍රමසිංහ ඡන්ද 2,299,767 ක් ලබාගත් අතර එහි ප්‍රතිශතය 17.27% කි.දෙවැනි වටයේ මනාප ගණන් කිරීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය තහවුරු වූ අතර, ඔහු ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම සිදුවිය.
දශක තුනකට අධික අනුර කුමාර දිසානායක දේශපාලන පෙරලිය මේ සමඟඇරඹුණි.නව අගමැතිනියක ලෙස එම පක්ෂයේ කලක් තිස්සේ සටන් වැදුණු මහාචාර්‍යවරියක් පත් කොට ඇත, තවත් ඇමති වරයෙක්ද මේ කුඩා තිදෙනෙකුගෙන් සමන්විත තාවකාලික ඇමති මණ්ඩලයක් පත්කර තිබේ. මෙය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂීම සිදුවීමක් විය. ලෝක බැංකුව මෙන්ම සෙසු රටවල් නව රජයේ වැඩපිළවෙල අනුමත කරමින් සහාය පලකර ඇත. එම ප්‍රතිඵලය ශ්‍රී ලාංකික ජනතාව මහත් උද්යෝගයකින් අත්විඳිමින් සිටිති. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරණු ඔහු ක්‍රියාවට නංවමින් සිටි. මේ වනවිට පවතී රජය විසුරුවා නව මහා මැතිවරණයක් කැඳවා ඇත.දිවයිනේ දේශපාලන කරලිය මත පිණුම් ගසමින් බලයෙන් උදම්වි සිටි මහා බලකණු එකින් එක කඩා වැටෙන්නට පටන් ගෙන තිබේ.
නව ජනාධිපති අනුර කුමාර මේවනවිට දේශපාලන හැරවුම් ලක්ෂයක් බවට පත්ව ඇත.බොහෝ පක්ෂ නායකයින් හා මැති ඇමතිවරුන් 60 කට අධික පිරිසක් මහ මැතිවරණ චන්ද සටනනින් ඉවත්වී ඇත. ඔවුන් දැනට පවසා ඇත්තේ ඔවුන් සටන් කරන්නේ බලවත් විපක්ෂයක් ඇති කර ලන්නට බව්ය. නව පරිච්ඡේදයේ විප්ලවිය විය වෙනසේ අලුත් කතාව මේ මොහොතේ පවා ලියැවෙමින් පවතී. ලොව බොහෝ රටවල නායකයන්ගේ හා සංවිධානවල දෑස් අපේ කුඩා දිවයිනවෙත යොමුවී ඇත.නොවැම්බර් 14 දා පැවත්වෙන මැතිවරණයට රටේ වියත්මෙන්ම කාන්තා නියෝජිතයන් ඇති විශාල සංඛ්‍යාවක් තරඟ බිමට පිවිස ඇත. එහි අවසානය ශ්‍රී ලංකාවේ අනාගතය කෙරෙහිද දැඩිව බලපානු ඇති බවට නිසැකය. අවසානයේ නව විප්ලවීය වෙනසක් අපේ කුඩා දිවයිනේ සිදුවන බව නියතය.ලේකඳුලු මැදින් ආ ඒ ගමන් මග වෙනුවෙන් දිවි පිදු සැමටත අනෙක කුරිරු වදවේදනා කරදහිරිහර විදි සැමට යහපත් රටක් හෙටදින නිර් මානය වෙනු ඇතැයි -අපේ පැතුමයි.
සටහන -ශාන්ත සේනාධීර
ලංකා නිවුස් යු කේ.
ඡායාරූප – අන්තර්ජාලයෙනි
ශ්