
ආරුගම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් – අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවයි- විදේශිකයනට විශේෂ ආරක්ෂක පොලිසිය යුධ හා නාවික හමුදා මගින් වැඩ පිළිවෙලක් දියත් වේ.
මෙම ප්‍රහාර පිලිබඳ අනතුරු හැඟවීම විශේෂයෙන් සිදු කර ඇත්තේ එහි පැමිණෙන ඉශ්‍රයාල ජාතිකයන් ඉල්ලක්ක කර ගෙන යයි සඳහන්වේ.එම ප්‍රදේශයේ මේ වන විට ආරක්ෂාව තහවුරු කර ඇති බවත් මෙහි පැමිණෙන ඉශ්‍රයාල ජාතිකයන් විසින් ස්ථාපනය කර තිබෙන ගොඩනැගිල්ල ක් ඉලක්ක කර ගෙන මෙහි පැමි නෙන ඉශ්‍රයාල ජාතිකයන්ට අනතුරක් වීමට ඉඩ කඩක් ඇතැයි තොරතුරක් ලැබී ඇතැයිද ඒ නිසා එම ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තලිදුව මහතා පවසා ඇත. අද පුවත් පතේ දැක්වූ නිවේදනයක සඳහන් වේ.
මේ සඳහා නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස් අධිකාරී වරයාගේ මෙහෙයවීමෙන් එහි සෝදිසි මෙහෙයුම් පොලිසිය., විශේෂ ආරක්ෂක බලකාය,යුද හා නාවික හමුදා හා බුද්ධි අංශ සාමුහික ආරක්ෂක වැඩ පිළිවෙලක් දියත් කොට තිබෙන බව සඳහන්වේ.