
කොදෙව්වන්ට කඩුලු 5ක පහසු ජයක්
ARUNA LK NEWS
13 October 2024
ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම සමත් විය.
මෙම තරගය දඹුල්ලේදී අද (13) රාත්‍රියේදී පැවැත්විණි.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 179ක් රැස්කිරීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 19.1කදී කඩුලු 5ක් දැවී තිබියදී එම ඉලක්කය පසුකර ගියේය.
කොදෙව් කණ්ඩායමට පෙරළිකාර ආරම්භයක් ලබාදීමට ආරම්භක පිතිකරුවන් වූ බ්‍රෙන්ඩන් කිං හා එවින් ලුවිස් සමත් වූහ.
ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දු 55කින් ලකුණු 107ක සබඳතාවක් පැවැත් වූහ.
ඉන් බ්‍රෙන්ඩන් කිං පන්දු 33කින් ලකුණු 63ක් රැස්කළ අතර, ලුවින් පන්දු 28කින් ලකුණු 50ක් රැස් කළේය.