
ජිනීවාහිදී සම්මත කරගත් යෝජනාවලිය
ARUNA LK NEWS
09 October 2024
ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ කෙටුම්පත් යෝජනාවලියක් අද (09) ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී සම්මත කරගෙන තිබේ.
ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය විසින් ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශය පහතින් දැක්වෙයි.
එහි දැක්වෙන්නේ, 51/1 යෝජනා සම්මතයේ බලාධිකාරය දීර්ඝ කිරීම සඳහා අද දින මෙම කවුන්සිලය හමුවේ ඉදිරිපත් කෙරෙන කෙටුම්පත් යෝජනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවය.