ඉරාන- ඊශ්‍රායල ගැටුම -ලෝක යුද්ධයකට අත ළඟද?

0
116

ඉරාන- ඊශ්‍රායල ගැටුම -ලෝක යුද්ධයකට අත ළඟද?
Lanka News UK
02/10/24

ඉරානයේ ප්‍රහාරයෙන් පසු මැද පෙරදිග සිට ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල වැස්සක් එල්ල කළේය.මෙම ගැටුම නිසා අප සිටින්නේ ලෝක යුද්ධයක අද්දර විය හැකියයි එහි රැඳී සිටින පුවත් සපයනන්ගේ මතය වී තිබේ.

ඊයේ සවස ඊශ්‍රායලයට මිසයිල වර්ෂාවක් බ්ලස්ටික් මිසයිල 200 පමණ පතිත වෙද්දී ටෙල් අවිව් සහ ජෙරුසලමේ සයිරන් හඬ නඟමින් තිබිණි.

ඊශ්‍රායලයට එල්ල කළ මෙම සෘජු ඉරාන මිසයිල ප්‍රහාරය මෑත ඉතිහාසයේ සිදු කළ දෙවැන්න විය.එක්සත් ජනපදය ඉරානයට දැඩි ලෙස අනතුරු අඟවමින් සිටියේය.ඊශ්‍රායලයට මිසයිල වර්ෂාවක් පතිත වෙද්දී ටෙල් අවිව් සහ ජෙරුසලමේ සයිරන් හඬ නඟමින් තිබිණි. මේ අතර බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඊශ්‍රායලයට තම සහාය පල කරන ලද ප්‍රකාශයක් සිදු කර තිබුණි.

ඉරාන තර්ජනයට එරෙහිව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු දැඩි ප්‍රහාර එල්ල කරණ බව ප්‍රකාශ කර සිටියේය. ඔවුන් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම සාධාරණීකරණය කිරීම සඳහා මිසයිල ප්‍රහාරය භාවිතා කිරීමට ඔහු දැන් පෙළඹෙනු ඇත.

ඩොමිනික් වෙග්හොන් (Waghorn }ස්කයි නිව්ස් ජාත්‍යන්තර කටයුතු සංස්කාරක පවසන්නේ මෙය ලෝක යුද්ධයකට අත ළඟ විය හැකි බවය.

ඔබ එසේ කළහොත් ඔබට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඊශ්‍රායල අගමැතිවරයා ටෙහෙරානයට පැවසීය.

ඊශ්‍රායලයේ පණිවිඩ යැවීම තවදුරටත් ඉදිරියට යන බව වාර්තා වේ. අපට පහර දෙන්න, ඉරානය පවසා ඇත්තේ අපි ඔබ කියන පණිවිඩය සම්බන්ධව න්‍යෂ්ටික අවි වැඩසටහනෙන් පසුව පිළිතුරු දෙන්නට සුදානම් බවය.ඊශ්‍රායල පවසා සිටින්නේ තමන්ට අවශ්‍ය ඔවුන්ට විරුද්ධ හමාස් හා හෙස්බුල්ලා ක්‍රියා කාරීන් විනාශකර දැමීම සිදු කරන බවය. ඔවුන් දැනට ගාසා තීරයේ සිය යුද වැඩකටයුතු පසෙකලා ලෙබනනයේ සැඟවී සිටින හෙස්බුල්ලා නායකයින් හා ක්‍රියාකාරිකයන් වනසා දැමීමටය. දැනට මත ඔවුන් ලෙබනනයේ සිටි හෙස්බුල්ලා නාකයින් රැසක්ම සිය මිසයිල දියත් කරමින් විනාශ කර දමා ඇත.

මේ නිසා දකුණු ලෙබනනයේ බේරුට් අවට නගර වටකර යුධ ටැංකි පසුගිය දින කිහිපය තිස්සේ එහි දේශසීමාව වෙත යවා තිබුණි.මෙම යුද ගැටුම නිසා ඉන් බේරියාමට මේ අවස්ථාව වන විට ලක්ෂ සංඛ්‍යාත ජනකායක් අවතැන්වී සිටිති. මෙය දෙවන ගාසා තීරයක් බවට පත්ව ඇතැයි බි බි සි හා ස්කයි රුපවාහිනී නාළිකා වල සේවයේ යෙදෙන පුවත්පත් කළාවේදීන් සඳහන් කොට තිබුණි.ඊශ්‍රායලය පසුගියදා මැදපෙරදිග යේමන්හි හුති මධ්‍යස්ථාන වෙතටද ප්‍රහාරයක් එල්ල කළේය.ඔවුන් ඉරාකයටද වැඩිදුරටත් අනතුරු හඟවා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here