මන්ත්‍රීවරුනට ලබාදී ඇති නිවාස හා ආරක්ෂක ගිනි අවි (පිස්තෝල )වහාම බාර දෙන ලෙස නියෝගයක්

0
73

මන්ත්‍රීවරුනට ලබාදී ඇති නිවාස හා ආරක්ෂක ගිනි අවි (පිස්තෝල )වහාම බාර දෙන ලෙස නියෝගයක්

Lanka News UK

30/09/24

මන්ත්‍රීවරුනට ලබාදී ඇති ආරක්ෂක ගිනි අවි (පිස්තෝල )වහාම බාර දෙන ලෙස නියෝගයක් ලංකාදීප පුවතක සඳහන් වේ.

පාර් ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 100 පමණ නිකුත් කර තිබු මෙම අවි මැතිසබයේ සේවා අංශයවෙත බාර දෙන ලෙසබාර දෙනලෙස එම නියෝගයේ වැඩිදුරටත් සඳහන්වේ.මන්ත්‍රිවරුනට හා ඇමතිවරුනට ලබා දී තිබු හමුදා හා පොලිස් ආරක්ෂකයන් ඔවුන් ගෙන් පසුගියදා ඉවත්කර තිබූ අතර ඔවුන්ට ගෙවූ දීමනාද නව රජය විසින් වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කර තිබුණි.මේ අතර දැනට කොළඹ මෙතෙක් මැති ඇමති වරුනට ලබාදී තිබු නිවාස බාර දෙන ලෙසත් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාස නැවත බාරදෙන ලෙසත් මෙම නියෝගවල සඳහන්ව තිබේ.කෙසේ වෙතත් මන්ත්‍රීවරුනට මේ නිවස ලබන මහා මැතිවරණය අවසන් වනතෙක් රැඳී සිටීමට අවසර දෙනු ලබන බව ඒ නියෝගවල වැඩි දුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here