නවසීලන්තය හමුවේ – වසර 15කට පසු ශ්‍රී ලංකාවට දැවැන්ත ටෙස්ට් තරගාවලි ජයක්

0
71

නවසීලන්තය හමුවේ – වසර 15කට පසු ශ්‍රී ලංකාවට දැවැන්ත ටෙස්ට් තරගාවලි ජයක්

DIVAINA LK NEWS

සුසිල් ජයකොඩි

September 30, 2024

තරගයේ වීරයා කමිඳු මෙන්ඩිස්

තරගාවලියේ වීරයා ප්‍රභාත් ජයසූරිය

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව ඓතිහාසික ජයක් ලබන්නට සමත්විය.

ඒ, ඉනිමක සහ ලකුණු 163ක දැවැන්ත ජයග්‍රහණයත් සමගයි. මෙම තරගයේ පළමු තරගය ලකුණු 64කින් ජයගත්තේය.

නවසීලන්තය හමුවේ – වසර 15කට පසු ශ්‍රී ලංකාවට දැවැන්ත ටෙස්ට් තරගාවලි ජයක්

ඒ, නවසීලන්තය සමග වසර 15කට පසු තරගාවලි ජයක් ද හිමිකර ගැනීමත් සමගිනි.

තරගයේ වීරයා ලෙස කමිඳු මෙන්ඩිස් සම්මාන ලබාගත් අතර තරගාවලියේ වීරයා සම්මානය ප්‍රභාත් ජයසූරියට හිමි විය.

දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිලේ ධනංජන ද සිල්වා කිසිම පැකළීමකින් තොරව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 602ක් ලබාසිටියදී අත්හිටුවීමට තීරණය කළේ තරගයේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙනි.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය අන්ත අසරණ වුණේ ප්‍රභාත් ජයසූරියගේ පන්දු යැවීම ඉතා සුපිරි ගණයේ එකක් වීම නිසාය. ඔහු කඩුලු 6ක් ලබාගත්තේ පන්දු වාර 18ක් යවමිනි.

ශ්‍රී ලංකා පළමු ඉනිමේ ශතක තුනක් වාර්තා කළේ සියලු ගෞරව ශ්‍රී ලංකාවට ගෙනදෙමිනි. කමිඳු මෙන්ඩිස් 182ක්, චන්දිමාල් 116ක් සහ කුසල් මෙන්ඩිස් 106ක් ලෙස ලකුණු ලබාගත්හ.

ලෝකයේ අඛණ්ඩව ඉනිම අටකදී අර්ධ ශතක ලාභියා වෙමින් කමිඳු මෙන්ඩිස් ලෝක වාර්තාවක් ද තැබීමට සමත් විය.

ලකුණු 88කට පළමු ඉනිම බිඳවැටුණු නවසීලනත්යට යළිත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාව ආරාධනා කළේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 514ක් පසුපසින් සිටින විටදීය.

ඉනිමක පරාජයෙන් බේරීමට නවසීලන්තය දෙවැනි ඉනිම ඇරඹූ අතර නවසීලන්ත දෙවැනි ඉනිමත් සුනුවිසුනු කරමින් කඩුලු ලබාගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වැඩ පෙන්වන්නට වූහ.

මිචෙල් සැන්ටිනර් ඇතුළු පසු පෙළ පිතිකරුවන් නවසීලන්තයේ දෑස් අබිමුව තිබූ පරාජය ප්‍රමාද කරමින් පන්දුවට පහරදුන් අතර ශ්‍රී ලංකාවේ ජය තව තවත් ඉදිරියට ඇදගෙන ගියේය.

කෙසේ වෙතත් නවසීලන්තයට කළ හැකි වූයේ තරගයේ හතර වැනි දවසේ මුල් භාගයේ ක්‍රීඩා කිරීමට පමණි. ඒ අනුව ශ්‍රී ලංකා පිලේ අතිසුපිරි ජයක් ලැබුවේ ලකුණු 154ක් සහ ඉනිමක ජයක් ලබා ගනිමිනි.

ග්ලේන් පිලිප්ස් දවා ගනිමින් සිය මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 5ක් දවාගැනීමට නිශාන් පීරිස් සමත්විය.

මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු 5ක් බැගින් දවාගත් ශ්‍රී ලාංකික පන්දු යවන්නන් අතර හත් වැනියා ඔහුය.

ශ්‍රී ලංකා පළමු ඉනිම 602/5

පැතුම් නිශ්ශංක 1

දිමුත් කරුණාරත්න 46, දිනේෂ් චන්දිමාල් 116

ඇන්ජලෝ මැතිව්ස් 88, කමිඳු මෙන්ඩිස් 182

ධනංජය ද සිල්වා 44, කුසල් මෙන්ඩිස් 106

අතිරේක 19

නවසීලන්ත පන්දු යැවීම

ටිම් සවුති 1/70, විලියම් ඕ රොක් 0/81

අජාස් පටෙල් 0/81, මිචෙල් සැන්ටිනර් 0/82

ග්ලෙන් ෆිලිප්ස් 3/141

නවසීලන්ත පළමු ඉනිම – 88

ටිම් සවුති 2, ඩෙවොන් කොන්වේ 9, කේන් විලියම්සන් 7, අජාස් පටෙල් 8, රචින් රවීන්ද්‍ර 10, ඩැරල් මිචෙල් 15, ටොම් බ්ලන්ඩෙල් 1, ග්ලෙන් ෆිලිප්ස් 0, මිචෙල් සැන්ටිනර් 29, ටිම් සවුති 2, විලියම් ඕ රොක් 8

අතිරේක 5

ශ්‍රී ලංකා පන්දු යැවීම

අසිත ප්‍රනාන්දු 1/8

නිශාන් පීරිස් 3/33

ප්‍රභාත් ජයසූරිය 6/42

නවසීලන්ත දෙවැනි ඉනිම – 366

ටිම් සවුති 0, ඩෙවොන් කොන්වේ 61, කේන් විලියම්සන් 46, රචින් රවීන්ද්‍ර 12, ඩැරල් මිචෙල් 1, ටොම් බ්ලන්ඩෙල් 60, ග්ලෙන් ෆිලිප්ස් 78, මිචෙල් සැන්ටිනර් 67, ටිම් සවුති 10, අජාස් පටෙල් 22, විලියම් ඕ රොක් 0

අතිරේක 3

ශ්‍රී ලංකා පන්දු යැවීම

නිශාන් පීරිස් 6/170, ප්‍රභාත් ජයසූරිය 3/139, ධනංජය ද සිල්වා 1/28

සුසිල් ජයකොඩි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here