ARUNA LK NEWS
24 September 2024

අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ.
ඊට අදාළ ගැසට් නිවේදනය මීට සුළු වේලාවකට පෙර ප්‍රකාශයට පත් කෙරුණි.
ඒ අනුව ඔක්තෝබර් මස 4 වැනි දින සිට ඔක්තෝබර් මස 11 වැනි දින දහවල් 12.00 දක්වා කාලය තුළ නාමයෝජනා භාර ගැනීමට නියමිතයි.
මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වැනිදාය.
නව පාර්ලිමේන්තුව නොවැම්බර් මස 21 වැනිදා රැස්වීමට නියමිතයි.