නව අගමැතිණිය ආචාර්‍ය හරිනි අමර සුරිය පිලිබඳ තොරතුරු බිඳක්
Lanka News UK
24/09/24
ආචාර්‍ය හරිනි අමරසූරිය 1970 මාර් තු 6 උපත ලබා ඇති අතර මේ වනවිට 54 වියෙහි පසුවේ.ශ්‍රී ලංකාවේ 16 වැනි අග්‍රාමාත්‍යවරිය ලෙස ඇය අද නව ජනපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිව්රුම් දුන්නේය. බිෂොප් කාන්තා විදුහලේ ආදී සිසුවියකු වන තවමත් අවිවාහක අයෙකි ඇගේ පියා ජිවතුන් අතර නැති අතර හරිනි සිය මව සමග ජිවත්වන බව සඳහන්වේ. ඇයට සහෝදරයෙකු හා සහෝදරියක් සිටින අතර ඔවුන් ඕස්ට්‍රේලියාවේ දැනට පදිංචිව සිටිති.
ඇය සිරිමාවෝ බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගෙන් පසු පත්වූ ශ්‍රී ලංකාවේ තුන්වන අගමැතිනිය වේ.
ජාතික ජන බලවේගයේ මැතිසබය හෙබවූ පාර් ලිමේන්තු මන්ත්‍රී වරියක් ලෙසද කටයුතු කළේය , ඇය අගමැති දුරයට අමතරව අධිකරණ අමාත්‍ය, අධ්‍යාපන අමාත්‍ය, කම්කරු අමාත්‍ය, කර්මාන්ත අමාත්‍ය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය, සෞඛ්‍ය අමාත්‍ය සහ ආයෝජන අමාත්‍ය යන අමාත්‍ය ධූර ද දරයි. ආචාර්‍ය හරිනි අමරසූරිය ජාතික ජන බලය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කර ඇත. ඇය මීට පෙර ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වූවාය.
අමරසූරිය එඩින්බරෝ විශ්වවිද්‍යාලයෙන් සමාජ මානව විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇත. මිට පෙර ඇය ඉන්දියාවේ දිල්ලි විශ්ව විද්‍යාලයේ මෙන්ම , Macquarie විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ද ලබාගත් අයෙකු වේ. ඇය යෞවනයන්, දේශපාලනය, විසම්මුතිය, ක්‍රියාකාරීත්වය, ස්ත්‍රී පුරුෂ භාවය, සංවර්ධනය, රාජ්‍ය-සමාජ සබඳතා, ළමා ආරක්ෂාව, ගෝලීයකරණය සහ සංවර්ධනය පිළිබඳ පොත් රැසක් ප්‍රකාශයට පත් කර ඇත.මිට අමතරව ඇය ශාස්ත්‍රීය පර්යේෂණ රැසක් සිදු කර ඇති බව සඳහන්වේ,. ඇය ළමා ආරක්ෂණ සහ මනෝ සමාජීය වෛද්‍යවරියක ලෙස වසර කිහිපයක් සේවය කිරීමෙන් අනතුරුව ඇය සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙස ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සේවයට එක් වූවාය.
ඇය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකාවක් වෙමින් නිදහස් අධ්‍යාපනය ඉල්ලා උද්ඝෝෂණවලට සම්බන්ධ වෙමින් ක්‍රියාකාරිනියක ද වේ. ඇය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, LGBTQ+ අයිතිවාසිකම්,වෙනුවෙන් පෙනී සිට ඇති අතර සත්ව සුබසාධනය සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයේ කොටසක්ද වේ..