පළමු ටෙස්ට් තරගයේ ජය ලංකාවට

0
111

පළමු ටෙස්ට් තරගයේ ජය ලංකාවට

ARUNA LK NEWS

23 September 2024

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණි.

අනුව තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1 ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකාවයි.

අද දිනය සඳහා තරග ආරම්භ කරනවිට ලකුණු 275ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සිය දෙවන ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 207ක් රැස්කරගෙන සිටියේය.

ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාව කඩුලු දෙකක් දවාගත යුතුවු අතර නවසීලන්තය ලකුණු 68ක් රැස්කරගත යුතුව තිබුණි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක්වූ රචින් රවීන්ද්‍ර නොදැවි ලකුණු 91ක් රැස්කරගෙන සිටි අතර අජාස්පටෙල් ලකුණු නොලබා කඩුල්ලේ රැඳි සිටියේය.

තරගයේ ජය දෙපිලටම දෝලනය වෙමින් අද දිනය ආරම්භ වූ අතර දිනය ආරම්භයේදීම රචින් රවීන්ද්‍ර දවාගත් ප්‍රභාත් ජයසූරීය ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කළේය.

ඒ අනුව නවසීලන්තය සිය දෙවන ඉනිමට සියලුදෙනා දැවි ලකුණු 211ක් රැස්කළ අතර ඔවුන් සිය පළමු ඉනිමට ලකුණු 340ක් රැස්කළේය.

අද දිනයේදී තරගය ක්‍රියාත්මක වුණේ විනාඩි 15ක් පමණක් වීම විශේෂත්වයකි.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 305ක් රැස්කළ අතර දෙවන ඉනිමට ලකුණු 309ක් රැස්කරගෙන සිටියේය.

පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරීය නවසීලන්ත දෙවන ඉනිමේ ලකුණු 68ට කඩුලු 5ක් දවාගත් අතර ඔහු සමස්ත තරගයේදී කඩුුලු 9ක් දවාගත්තේය.

රමේෂ් මෙන්ඩිස් ලකුණු 83ට නවසීලන්ත දෙවන ඉනිමේ කඩුලු තුනක් දවාගත් අතර ඔහු දවාගත් සමස්ත කඩුලු සංඛ්‍යාව 6කි.

ඒ අනුව දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ජයගත් ශ්‍රී ලංකාව තරග 1 ට 0ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමිකර ගත්තේය.

තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමිකරත්තේ ප්‍රභාත් ජයසූරියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here