අනුර කුමාර දිසානායක මහතා නව ජනාධිපතිවරයා ලෙස අද දිනයේදී දිවුරුම් දිය හැකි බව පක්ෂ ආරංචි හෙළි කර ඇත.
Lanka News UK
22/09/24
22 වනදා උදෑ සන වන තවමත් තැපැල් චන්ද නිකුත් කිරීමට අපොහොසත්වී ඇත. මෙයට ප්‍රධාන තම හේතුව තවමත් හෙළිවී නැත.අනුර කුමාර දිසානායක මේ දක්වා නිකුත්වී තිබු චන්ද ප්‍රතිපල වලින් වැඩිම තැපැල් චන්ද සංබ්‍යාවක් ලබා ගෙන ඇත්තේ අනුර කුමාර දිසානායක (මාලිමාව) ලක්ෂ 5,31343 ඉක්මවා 52.20% ක්ද සජිත් ප්‍රේමදාස 22.65,%ද, රනිල වික්‍රම සිංහයන් 18.95 % ලබාගෙන තිබුණි.
මේ වනවිට දිවයිනේ 160 තවමත් නිකුත්කර තිබුණේ ආසන 5ක පමණි.තවතත් ආසන 150 අධික සංඛ්‍යාවක් නිකුත් කිරීමට නියමිතය.
මැතිවරණ කොමිෂන් සභාව විසින් නියමිත වේලාවට ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශ කරන අවසන් නිවේදනය කළහොත් එන්පීපී නායක අනුර කුමාර දිසානායක මහතා නව ජනාධිපතිවරයා ලෙස අද දිනයේදී දිවුරුම් දිය හැකි බව පක්ෂ ආරංචි හෙළි කර ඇත.
ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් දිවුරුම් දෙන වේලාව ස්ථිර කළ නොහැකි බව ජාතික ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සඳහන් කර තිබුණි.
“අවසන් නිවේදනය නියමිත වේලාවට ප්‍රකාශ කළහොත් දිවුරුම් දීම 22 හෝ නැතහොත් 23 සිදුවිකිරීමට නියමිතය.