BREAKING NEWS: මුළු දිවයිනට ම ඇඳිරි නීතිය පනවයි

0
122

BREAKING NEWS: මුළු දිවයිනට ම ඇඳිරි නීතිය පනවයි

By Anjali Withanage

 -සැප්තැම්බර් 21, 2024 ප.ව. 9:50

අද (සැප්. 21) රාත්‍රී 10:00 සිට හෙට (සැප්. 22) අලුයම 6:00 වන තෙක් මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

mawbima.lk සිදු කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ බව සඳහන් කළේ ය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, දේශීය ජල තීරයට පැවැත්වෙන පරිදි මේ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර ඇති බව ය.

මේ වන විට රට තුළ ඉතා සාමකාමී තත්ත්වයක් පැවතුණ ද මහ ජනතාවගේ වැඩිදුර ආරක්ෂාව සඳහා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, මේ ඇඳිරි නීති කාලසීමාව තුළ තම නිවස් තුළට වී කාලය ගත කරන ලෙස ත් ඇඳිරි නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කිරීමට පොලීසි නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති නිසා එය උල්ලංඝණය වෙන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදු නොකරන ලෙස ය.

එමෙන් ම, ඇඳිරි නීතිය පැනවූ කාලසීමාව තුළ ඡන්ද රාජකාරී කටයුතු සඳහා යෙදී සිටින නිලධාරීන්ට අදාලව බලයලත් නිලධාරීන් නිකුත් කර ඇති හැඳුනුම්පත්, බලයලත් ලේඛන ඇඳිරි නීති බලපත්‍ර ලෙස භාවිත කළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

විදේශගත වීමේ අපේක්ෂාවෙන් ගුවන් තොටුපළ වෙත ගමන් කරන සහ විදේශවල සිට පැමිණ ගුවන් තොටුපොළින් පිටවන සියලු ම පුද්ගලයන්ට ඔවුන්ගේ ගුවන් ටිකට් පත්‍රයේ හෝ ඒ බව තහවුරු කිරීම සඳහා ඇති ලේඛන ඇදිරි නීති බලපත් ලෙස භාවිතා කළ හැකි ය.

අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යන ආයතනවල සේවකයන් සඳහා ඔවුන්ගේ රාජකාරිය හැඳුනුම්පත හෝ සුදුසු ලේඛනයක් ඇඳිරි නීති බලපත් ලෙස භාවිත කළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

එම අදාළ ලේඛන සහ අදාළ පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here