
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද
ලංකා නිවුස් යු කේ
18 September 2024
ජනාධිපතිවරණය අතරතුර පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද 18දා ගාල්ල ක්‍රීඩාංගනයේදී ඇරඹුණි.
එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූයේය. නවසීලන්ත කණ්ඩායම මෙලෙස ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලියකට එක්වන්නේ වසර 5කට පසුවය.අද තරඟයේ ඔවුන්ගේ දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ අපේ දක්ෂ දඟ පන්දු යවන්නේකුවූ රංගන හේරත්දකටයුතු කිරීම විශේෂ කරුණක් ලෙස සඳහන් කළ යුතුය.
මේ දක්වා ටෙස්ට් තරග 38ක් පවත්වා ඇති අතර ඉන් තරග 18ක් නවසීලන්තය ජයගෙන ඇති අතර ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 9ක් පමණි
මෙම තරගය නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට ක්‍රිකට් ආයතනය විසින් අවස්ථාව සලසා දී ඇත. ජනාධිපතිවරණය හේතුවෙන් සැප්තැම්බර් 21වැනිදා තරගයේ විවේක දිනයක් ලෙස සැලකෙන බව සඳහන් කොට ඇත.
මේ අතර අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම, ක්‍රීඩා නියෝජනය කරනු ලබන්නේ නායක ධනංජය ද සිල්වා, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය,ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු ය.