වසර 26කට පසු ඕවල් පිටියේ ශ්‍රී ලංකා පිල ලැබූ ටෙස්ට් ජය

0
66

වසර 26කට පසු ඕවල් පිටියේ ශ්‍රී ලංකා පිල ලැබූ ටෙස්ට් ජය

Aruna lk News

09 September 2024

වසර 26කට පසු ඕවල් පිටියේ ශ්‍රී ලංකා පිල ලැබූ ටෙස්ට් ජය

එංගලන්ත කණ්ඩායම සමග පැවැති තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 8කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕවල් ක්‍රීඩාංගණයේ මෙලෙස ජය වාර්තා කළේ වසර 26කට පසුවීම විශේෂත්වයකි.

මෙම තරගයේ පළමු ඉනිම සදහා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත පිල ලකුණු 325ක් රැස්කර ගත් අතර ශ්‍රී ලංකා පිලට පළමු ඉනිමට රැස්කර ගත හැකි වූයේ ලකුණු 263ක් පමණී.

අනතුරුව පිටියට පැමිණි එංගලන්ත පිල සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 156ක් පමණී.

ඒ අනුව ලකුණු 219ක ඉලක්කයක් හිමිවූ ශ්‍රී ලංකා පිල කඩුළු 2ක් පමණක් දැවී එම ලකුණු සංඛ්‍යාව රැස්කර ගෙන තරගය ජය ගැනීමට සමත් විය.

ටෙස්ට් තරග 3කින් සමන්විත මෙම තරගාවලිය තරග 2ට 1ක් ලෙස එංගලන්ත කණ්ඩායම ගැනීමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here