
ඈත අතීතයේ දිවයිනට පැමිණි විදේශීය සංචාරකයෝ
ශ්‍රීමත් ජෝන් ඩොයිලි
(1774- 06- 06 – 1824 -05-25 )
ජෝන් ඩොයිලි වැන්නෙක් මෙරටට නොපැමිණියේ නම් ලංකා ඉතිහාසය වෙනස් එකක් වන්නට තිබුණි.ඩොයිලි මියගොස් මේ වසරට අවුරුදු 200 ගතවේ. ඔහු විසින් ලියා ඇති ” ඩොයිලිගේ දින පොත හා අනෙකුත් පොත්පත් ” මෙරට වත්මන් දේශපාලන දාරාවටද ඩොයිලිගේ ක්‍රියා කලාපය අදාල බව ඒ පිලිබඳ විමර්ශනාත්මකව සසඳනවිට පෙනීයන කරුණක් වේ.
කාල වකවානුව කෙසේ වෙතත් , පාලනක්‍රමය කුමක් වූවත් ඒ සිදුවීම් මාලාව අදත් සිදුවෙමින් පවතින බව මෙහිලා සඳහන් කළ යුතුය. සිය තීක්ෂණ බුද්ධිය මෙන්ම සිය මව් රටට තිබු ලෙන්ගතුකම් නිසාම ඔහු සියවස් ගණනාවක්ම යුද්ධ කිරීමෙන් උඩරට රාජධානිය අත්පත් කර ගැනීමට සැලසුම් සහගතව කටයුතු කළේය.ලේ බිඳුවක් නොහෙළා මේ කා ර් ය ඉටු කිරීමට තරම් ඔහු සමතෙකු විය. බ්‍රිතාන්‍ය හා උඩරට ප්‍රධානීන් අතර ඇතිකරගත් 1815 සමගි සම්මුතිය ජෝන් ඩොයිලි විසින් පිළියෙළ කරන ලද අතර ඉන් වර් ෂ 2357 සිංහලයේ නිදහසට නැවතීමේ ලකුණ තැබිණි.” සඳහන්වේ.
මෙරට අක්‍රමණය කළ යුරෝපීය ජාතින්වූ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යන ජාතීන් තුනටම යුද්ධ කිරීමෙන් අත්පත් කර ගැනීමට නොහැකිවූ උඩරට රාජධානිය උපක්‍රමශීලීව උඩරට නායකයන් නම්මාගෙන කන්ද උඩරට පලනය් කළ රජු අල්ලා ගත්තේය.එහි ගෞරවය ඉංග්‍රීසින් විසින් ලබාදී ඔවුන් සදා සමරන්නේ ශ්‍රීමත් ජෝන් ඩොයිලිය.ඔහු “බැරන්” නම් රාජ්‍ය ගෞරව සම්මානයෙන් බ්‍රිතාන්‍යයේ පුද ලැබූ අයෙකු විය.ඉංග්‍රීසි ගත්කරුවන් ඉහ මුදුණින් ඔහු සළකා ඇති නමුදු ලාංකිකයන් විශේෂයෙන් අප ඉතිහාසඥන් ,ගත්කරුවන් බොහෝ ඔහු සළකනු ලැබුවේ දේශද්‍රෝහී කපටි කයිරාටික සුද්දෙකු ලෙසය.මේ නිසා ඔහු පිළිබඳ පොත්පත් ලිපි ලේඛන වල ඔහු බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිටි අංක එකේ චර පුරුෂයෙකු ලෙසත්,ඔත්තු කරුවකු ලෙසත් හඳුන්වා දී ඇත.
ඩොයිලි එංගලන්ත සභාවේ හේස්ටිංස්හි අනුනායක පුජකවරයෙකු වූ හා සසෙක්ස් බක්ස්ටඩ් විදුහලේ විදුහල්පති මතියස් ඩි ඩොයිලි සහ ඔහුගේ බිරිඳ මේරිගේ දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවන පුත්‍රයා විය. ඩොයිලි ගේ පියාගේ පවුල ප්‍රංශයේ නොමැන්ඩි නුවර සිට එංගලන්තයට පැමිණ තිබුණි.ඔහුගේ පියාට ඔක්ස්ෆ්ර්ඩ් හි බැරන් ගෞරව නාමය ප්‍රධානය බ්‍රිතාන්‍ය රජය විසින් ප්‍රධානය කර තිබු අයෙකු විය.ජෝන් ඩොයිලි උපත ලැබුවේ 1774 ජුනි මස 11 වනදාය. වෙස්මිනිස්ටර් විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලැබූ ඔහු 1796 දී කේම්බ්‍රිජ්හි කොපර් ක්‍රිස්ටි විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේය.ඔහු ගණිතය ,ග්‍රීක හා රෝම සාහිත්‍ය ගැන උනන්දුව දැක්වූ අතර විශ්ව විද්‍යාලයේදී උපාධිය සඳහා උද්භිද හා සත්ව විද්‍යාව ,මානව විද්‍යාව විෂයන් එහිදී හැදෑරිය.ඔහු ක්‍රිකට් හා අසුන් පිටයාම බෝට්ටු පැදීමට දැඩි කැමැත්තක් පලකළ අයෙකු විය.
1802 දී ලංකාව යටත් විජිතයක් ලෙස යටත් කර ගැනීමෙන් අනතුරුව එහි සේවය කිරීමට පළමු ආණ්ඩුකාර පෙඩ්රික් නෝත් ගෙන අනතුරුව පැමිණියේ තෝමස් මේට්ලන්ඩ්ය.එවකට පහතරට පෙදෙස්හි සිවිල් පාලනය ගෙනයාම පිනිස එංගලන්ත රජයෙන් සිවිල් සේවක පිරිසක් ඉල්ලා සිටියේය.එම පිරිස් තේරීම භාරව කටයුතු කළේ එවකට බ්‍රිතාන්‍ය ජනපද ලේකම් වරයාවූ ලිවර්පුල්හි ආදිපාදවරයා ය.ඔහු ඩොයිලිගෙ පියාගේ සමීප මිතුරෙකු විය. මෙම සම්බන්දතා නිසා අහම්බෙන් තරුණ ඩොයිලි ලංකාවට එන්නට මග පෑදී තිබුණි.
ඔහු 1802 දී ලංකාවට පැමිණියේය. මුලින් සිවිල් සේවයේ නිලධාරියෙකු ලෙසකොළඹ උසාවියේ දෙවැනියා ලෙසත් අනතුරුව මාතර ,ගාල්ල ඇතුළු විවිධ පළාත් අධිකරණවල සභාපතිවරයා නැතහොත් දිසාපති , ඒජන්ත යන තනතුරු වල කටයුතු කළේය.එහිදී එවකට ආණ්ඩුකාර වරයාවූ තෝමස් මෙට්ලන්ඩ් ගේ අදහසක් අනුව සිවිල් නිලධාරින්ට සේවදේශිකයන්ගේ බස හා වාරිත්‍ර හදාරන්නට උපදෙස් දී තිබුණි.ඔහු සිංහල භාෂාව මාතර සේවය කරද්දී විශාරද බෞද්ධ භික්ෂුවක් වන කරතොට ධම්මාරාම, මොරෙතාට ධම්මානන්ද නාහිමිවරුන් අනුග්‍රහය යටතේ ඔහු සිංහල භාෂාව ප්‍රගුණ කළේය.
උඩරට රාජධානිය යටත් කර ගැනීමට එවකට දිවයිනේ මුහුදු බඩ පළාත් පාලනය කල ඉංග්‍රීසි ආණ්ඩුකාරයාවූ තෝමස් මේට්ලන්ඩ් කටයුතු කළේය. ඉංග්‍රීසි හමුදාව උඩරට රාජධානියට මහත් සටනක් සිදුකර මහනුවර රාජධානියට ඇතුළුවීය.රජු ඇතුළු පිරිස නගරයෙන් පලාගොස් සැඟවී ඔවුන් දින කිහිපයකින් සෙබළුන් ප්‍රීති ගෝසා පවත්වමින් සිටිද්දී ඔවුන් වටකර මුළු මහත් ඉංග්‍රීසි බල ඇණියම එහිදී සමුල ඝාතනය කළේය.මේ සිදුවීම නිසා මේට්ලන්ඩ් ආණ්ඩුකාර තැන ඔහුගේ සටන් සැලැස්ම ඉවතදමා වෙනත් ක්‍රමයක් යොදා උඩරට රාජධානිය කෙසේහෝ අල්ලාගැනීමට දිගු කාලින සැලස්මක් දියත් කළේය.
. මේ අතරතුර සිංහල මෙම ප්‍රවීණතාවය නිසා ඔහු 1805 දී එවකට රජයේ ප්‍රධාන පරිවර්තකයා ලෙස පත් කරන ලදී. ඊළඟ වසරේදී ඔහු කොළඹ දිස්ත්‍රික්කයේ ආදායම් නියෝජිතයෙකු බවට පත්විය. තව දුරටත් උසස්වීම් ලැබීමෙන් ඔහු සිවිල් හා මිලිටරි යන අංශවලින් උසස් වූ අතර අවසානයේ ඔහු සිවිල් විගණකාධිපති තනතුරට පත් කරන ලදී.
1810 දී පමණ ජෝන් ඩොයිලි තරුණයා තම සිංහල භාෂා දැනුම උපයෝගී කර ගනිමින් උඩරට නායකයන් සමඟ සබඳතා ගොඩ නඟා ගැනීම ආරම්භ කළේය. ඒ වන විට ලක්බිමේ මුහුදුබඩ පළාත් අත්පත් කර ගෙන සිටිය ද උඩරට රාජධානිය යුද්ධයෙන් හෝ අත්පත් කර ගැනීම ඉංග්‍රීසීන්ට දුෂ්කර වී තිබිණි. එබැවින් මෙරට බ්‍රිතාන්‍ය ප්‍රෙද්ශ තවදුරටත් උඩරටට ඈඳා ගැනීමේ යටි අදහස ඒ වන විට ජෝන් ඩොයිලි සතුව පැවති බව කියැවේ.
ඔහු මුලින්ම පහත රට විවිධ තරාතිරම් වලට අය සමඟ සබඳතා පැවැත්වා ගෙන ගියේය. ඒ පිරිස් අතර බෞද්ධ භික්ෂුන් වහන්සේලා වෙළඳුන් ,සාහිත්‍ය ධරයන් සිටි බව සඳහන්වේ.ඔහු මාතර පෙදෙසේ සුප්‍රසිද්ධ කිවිඳියෙකුවූ දෝන ඉසබෙලා ” නොහොත් “ගජමන් නෝනා” සමගද සමග ඔවුන්ගේ සම්බන්දතා හරහා උඩරට නායකයන් පිලිබඳ තොරතුරු කළේය. දෙවනුව ඔවුන් මඟින් උඩරට නායකයන් හැඳින ගත්තේය. තෙවනුව උඩරට නායකයන් හා රජු අතර වූ ගැටුම් හා ඒ පිළිබඳ සබඳතා වටහා ගැනීමට කටයුතු කළේය. මෙම කරුණු වලින් සමහරක් පිලිබඳ
ගත්කරුවන් ඔහු පිලිබඳ ඔවුන් ලියු පොත්පත්වල සඳහන් කර ඇත.”එකල සපරගමුව දිසාව භාරව සිටියේ ගලේගොඩ බණ්ඩාරය. ඔහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට පක්ෂපාතී වූවෙක් විය. ඔහු පිළිමතලව්වේ මහ නිලමේටද එරෙහි වූවෙකි. 1804 දී ඩොයිලි ඔහු සමඟ මිතුරු වී උඩරට රාජධානියේ තොරතුරු අධ්‍යයනය කර තිබු බව එහ සඳහන්වේ.. ඒ වනවිට රජුත්, පිළිමතලව්වේ නිලමේත් අතර වූ විරසකය ප්‍රකට කරුණක් විය. මේ සියල්ල ඩොයිලි හෙළිකර ගත්තේය. එම විරසකය තවදුරටත් වර්ධනය කර පිළිමතලව්වේගේ බලය බිඳ දැමීමට ගලේගොඩ බණ්ඩාර මඟින් රජු පොලඹවා ගැනීමේ උත්සාහයක ද ඩොයිලි (චර පුරුෂයකු මෙන්) කටයුතු කර ඇති බව තෙන්නකෝන් විමලානන්ද සූරීන් රචිත The British intrigue in the Kingdom of Ceylon කෘතියෙන් හෙළි කර තිබේ. (පිටු 163 – 168)”
බ්‍රිතාන්‍ය පාලකයන්ට උඩරට හා සටන් වැදී සිය අරමුණ ඉටු කර ගන්නට නොහැකිබව වටහා ගැනීමෙන් අණතුරුව උඩරට රජු හා ගිවිසුමක් ඇතිකර ගැනීම මේ සඳහා ඇති හොඳම විකල්පය බැව් වටහා ගත්තේය.මේ භාරදුර කටයුත්ත අවසානයේ බාර කළේ තරුණ ජෝන් ඩොයිලිටය.ඔහු සතු සිංහල භාෂා දැනුම බෞද්ධ සංස්කෘතිය හා භික්ෂුන් අතර තිබු ඔහුගේ සබඳතාවයන්.මෙන්ම ඔහු චාරිත්‍ර වාරිත්‍ර ගැන ඔහු සතු දැනුම,මේ සියල්ලටම වඩා ඔහුගේ උඩරට පාලන ක්‍රමය ගැන තිබු දැනුම හා සම්බන්දතා විශේෂයෙන් සැළකිල්ලට ගනිමින් මේ පත්වීම ඔහුට ප්‍රධානය කර තිබුණි.
මේ කරුණු ජෙෆ්රි පවල් විසින් රචිත “ද කැන්ඩියන් වෝර් ස් “( Kandyan Wars : British Army in Ceylon by Geofferey Powell ) (උඩරට සිදුවූ යුද්ධ ගැටුම් ) හා ද බ්රීටිස් ආර් මි 1803-1818 යන කෘතීන් හි සඳහන් කර ඇ ත. මෙම පොත් දැනට සිංහල ට ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා විසින් මගින් පරිවර් තනය කර ඇත(.සුරිය ප්‍රකාශන ආයතනය)
ජෝන් ඩොයිලි සතු මේ උපක්‍රමශීලී පිළිවෙත බ්‍රිතාන්‍ය පාලකයන් ඉතා සතුටට පත්විය.මේ සම්බන්දතා පිලිබඳ වරින් වර ඔහු එකල සිටි ආණ්ඩුකාර වරුන් දැන්වත් කළේය.ඔවුන් ඔහුට අවශ්‍ය මිල මුදල් හා වෙනත් පහසු කම් ඔහුට ලබාදුන්නේය.
මේ පිලිබඳ ඩොයිලි ගේ මරණින් පසු ප්‍රකාශයට පත්කර ඇති ඔහුගේ දිනොතෙහි සවිස්තරව සඳහන් කට ඇත.මේ කරුණු හේතු කොට ගෙන එවකට දිවයින පාලනය කළ ආණ්ඩුකාරවරයා විසින් ඔහු උඩරට ආක්‍රමණය පිණිස 1810 සිට ඉංග්‍රීසි හමුදා සම්බන්ධීකරණ නිලධාරියා ලෙස ද පත් කරනු ලැබුවේය. අනතුරුව ඩොයිලි උඩරට සිටි ඇහැළේපොල කපුවත්ත, මොල්ලිගොඩ, පිළිමතලව්වේ, මීගස්තැන්නේ, එක්නැලිගොඩ ඇතුළු උඩරට නායකයන් විශාල පිරිසක් සමඟ ඉතා සුක්ෂම අයුරින් සමීප සබඳතා ගොඩනඟා ගැනීමට සමත් විය.ඔහු ඔවුනට අවශ්‍ය මුදල් .මත්පැන් අවි ආයුධ පවා කිසිදු අග හිඟයකින් තොරව සපයා දුන් බව සඳහන්වේ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ උඩරට නායකයන් අතර වූ ප්‍රශ්නත්, ඔවුන් සමඟ කළ රහස් සාකච්ඡා සියල්ලත් ඩොයිලි දිනපතා සටහන් කර කොළඹ මුලස්ථානයට යැවීමට කටයුතු කළේය. ඔහු රජතුමා ගේ දුර් වල කම් වටහා ගෙන ඔහු සතුටු කිරීමට තෑගි බෝග ,විදේශීය මත්පැන් ,අසුන් හා බ්‍රිතාන්‍ය සුරූපී කතුන්ගේ ඇසුර ලබාදී සම්බන්දතා ඇතිකර ගණිමින් නොයෙකුත් දෑ ලබාදී ඔවුන්වෙත ලංවී රාජ්‍ය රහස් ලබාගැනීමට කටයුතු කලේයයිද සඳහන්වේ.
ඔහු රජු හා නිලමේවරුන් අතර අදහස් වටහාගෙන දෙපාර්ශ්වයම මිතුරු වෙසින් තබා ගනිමින් සිට සිය අභිමතාර්ථයන් ඉටු කර ගැනීමට සමත් අයෙකු විය. ඒ දෙපාර්ශ්වයටම උදව් කළේ ඩොයිලි තමඅරමුණ කිසියම් දවසක ඉටු කර ගණිමියි යන අධිෂ්ස්ඨාණය පෙරදැරි කර ගෙනය.ඔහු පිලිබඳ ලියු සටහන්වල උඩරට ප්‍රධාන පෙළේ රදලවරුද, මුදලිවරුද, තල්ගම භික්ෂුන් වහන්සේද ද තම චරපුරුෂ කාර්යයේදී ඉත්තන් ලෙස යොදා ගැනීමට තරම් ඔහු සූක්ෂ්ම වූයේයයි සඳහන් වේ.. ඇහැළේපොල නිලමේ පවා අවසානයේ දී ඔහුගේ යටි උගුලේ නොදැනුවත්වම පැටලිණියි සඳහන්වේ.ඔහු උඩරට රජුට හා සමාන තත්ත්වයක් දෙන බවට ඇහැළේපොල නිලමේටද පොරොන්දු වුහ.එහෙත් අවසානයේ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ඔහුට ලැබුණේ උඩරට ඔහුට කළින් තිබු තත්ත්වයක් පමණකි කියවේ.. මේ හේතුවෙන් ඇහැළේපොල අධිකාරම්ගේ බලාපොරොත්තුව ද සුන් කෙරුණු බව ගත්කරුවන් විසින් සඳහන් කොට ඇත.
විශේෂයෙන් “1470 – 1818 උඩරට රාජධානිය “ නම් ටිකිරි අබේසිංහ ,ශ්‍රීමති දේවරාජ හා පි ජි වී. සෝමරත්න යන තිදෙනා විසින් රචිත පොතෙහි 115 පිටුවල ඉහත සඳහන් “ අවි බලයෙන් උඩරට ඇල්ලීමේ ක්‍රියාදාමය ඉවතදමා ඔහු කාටත් නොදනෙන පරිදි රජයේ අත්තිවාරම බින්දදමිමේ වැඩ පිළිවෙලක් ගෙන ගියේයැයි” සඳහන් කොට ඇත
බ්‍රිතාන්‍ය ලංකාව පාලනය කල තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාර තැනගේ පලන්කලයෙන් අනතුරුව එම තනතුරට රොබට් බ්‍රවුන්රිග් පත්කරනු ලැබුවේය.ඔහු මෙහි පැමිණීමෙන් අනතුරුව ඩොයිලිව උඩරට බ්‍රිතාන්‍ය රජයේ කොමසාරිස්වරයා නැතහොත් මෙහි ආණ්ඩුකාර තැනගේ තානාපතිවරයා ලෙස පත්කරනු ලැබුවේය. මේ කටයුත්තට ඔහු පත් කිරීමට පෙර සිටම එයට අවශ්‍යවූ ක්‍රියාකරකම් සැලසුම් ඩොයිලි විසින් ගොඩ නගා ගෙන තිබුණි.”ක්‍රි.ව 1815 පෙබරවාරි මසදී ඩොයිලිගේ සැලසුම පරිදි බ්රිතය සේනාංකයන් මහනුවරට ඇතුළු විය.කිසිදුඅව්හිරයකින් තොරව ඔවුන් මහනුවර අල්ලා ගත්තේය.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු හා උඩරට නිලමේවරුන් අතර පැවති විරසක බව නිසා අභ්‍යන්තර, ආරාවුල්වල අවසන් ප්‍රතිඵලය වූයේ කිසිදු යුද්ධයකින් තොරවම උඩරට රාජධානිය ඉංග්‍රීසීන් යටතට පත් වීමය. බ්‍රිතාන්‍ය හිතවාදී චරපුරුෂයකු ලෙස ක්‍රියා කරමින් උඩරට රාජධානිය බ්‍රිතාන්‍ය රජ කිරුළට අත්පත් කර දුන් පසු ඔහු ඉන්පසු බ්‍රිතාන්‍ය රජයේ නේවාසික පළමු බලධරයා සහ උඩරට පළාත්වල පළමු කොමසාරිස් ධුරයට පත් විය.
ඔහු පිලිබඳ දක්වා ඇති සටහන් විවිධ කතුවරුන් ඔවුන් විසින් ප්‍රකාශයට පත් කර ඇති පොත්පත්වල සඳහන්වේ.ලංකාවට මෙහි පැමිණි සංචාරකයින් පිළිබඳව පොත්ක් ලියු අපේ රටේ තානාපති වරයෙකු හා ඔබ්සවර් කතුවරයෙකුව සිටි එච් .ඒ,ජී . හු ල්ලේ මහතා සිය ( The Ceylon of the Early Travellers by H.A.G. Hulugalle ) ද සිලෝන් ඔෆ් ද අර් ලි ට්‍රවෙලර් ) “පැරණි සංචාරකයන් දුටු ශ්‍රී ලංකාව “ඉංග්‍රීසි පොතෙහි 116-124 පිටුවල හා 153- 162 පරිව ර් තනයේ) ශ්‍රීමත් ජෝන් ඩොයිලි පිළිබඳ සටහනක් ප්‍රකාශයට පත් කොට ඇත.එහි ඔහු සඳහන් කොට ඇත්තේ ” බ්‍රිතාන්‍ය හා උඩරට ප්‍රධානීන් අතර ඇතිකරගත් සමගි සම්මුතිය ජෝන් ඩොයිලි විසින් පිළියෙළ කරන ලද අතර ඉන් වර් ෂ 2357 සිංහලයේ නිදහසට නැවතීමේ ලකුණ තැබිණි.” යනුවෙනි…..
ඔහු සැකසූ උඩරට ගිවිසුමේ උණුසුම මැකී යාමටත් පෙර එහි කොන්දේසි අමතක කර දැමීම නිසා ඩොයිලි උඩරට පුරවැසියන්ගේ පමණක් නොව සියලු පුරවැසියන්ගේත්, සංඝයා වහන්සේලාගේත් දෝෂ දර්ශනයට ලක් විය.
තවත් කොටසක් මීළඟ කලාපයෙන්…....
නීතිඥ ශාන්ත සේනාධීර -ලංකා නිවුස් යු.කේ.