ශ්‍රීලංකාවට ප්‍රබල ඉලක්කය ශ්‍රීලංකාවට ප්‍රබල ඉලක්කය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 483කි.

0
69

ශ්‍රී ලංකාවට ප්‍රබල ඉලක්කයක්
ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 483කි.
Aruna lk News
31 August 2024

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි.

මෙම තරගය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වන අතර එංගලන්තය සිය දෙවන ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 251ක් රැස් කර ගත්තේය.

ඒ අනුව මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 483කි.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 196කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත්විය.

ශ්‍රී ලංකා පළමු ඉනිමේදී එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකාවට යම් බලාපොරොත්තුවක් එක් කළේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 3වන අර්ධ ශතකය වාර්තා කළේ ලකුණු 74ක් රැස් කරමිනි.

අද දිනයට තරගය ආරම්භ කිරීමට පෙර ලෝඩ්ස් පිටියේ සීනුව නාද කිරීමේ අවස්ථාව අද හිමි වුණේ ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ටය.

ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 231ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ඇරඹු එංගලන්තය අද දිනය අරඹන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 25ක් ලබා සිටියේය.

එංගලන්තය වෙනුවෙන් ජෝ රූට් ශතකයක් වාර්තා කළ අතර එය ඔහු මෙම තරගයේ රැස්කළ දෙවැනි ශතකය ලෙස වාර්තා පොත් අතර ට එක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here