කොළඹ උද්ධමනය පහළ ගිහින් ලු

0
74

Mawbima lk News

By Anjali Withanage

අගෝස්තු 30, 2024

මෙරට මාසික පාරිභෝගික උද්ධමනය පහළ ගොස් ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව 2024 අගෝස්තු මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය අද (අගෝ. 30) ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව, කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 අගෝස්තු මාසය සඳහා 0.5% ක් දක්වා අඩු වී ඇත.

එය 2024 ජූලි මාසය සඳහා 2.4% ක් ලෙස වාර්තා වී තිබේ.

2024 අගෝස්තු මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 0.8% දක්වා අඩු වී ඇති අතර 2024 ජූලි මාසයේදී එය වාර්තා වුයේ, 1.5% ක් ලෙස ය.

එමෙන් ම, 2024 අගෝස්තු මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 0.4% ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 ජූලි මාසයේදී 2.8% ක් ලෙස වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here