ඉන්දියාව මිනිසුන් රැගත් යානයක් අභ්‍යවකාශගත කිරීමට සැරසෙයි

0
320

Mawbima lk News

17 August 2024

ඉන්දියාව මිනිසුන් රැගත් යානයක් අභ්‍යවකාශගත කිරීමට සැරසෙයි

ඉන්දියාව පළමුවරට මිනිසුන් රැගත් රොකට්ටුවක් අභ්‍යවකාශගත කිරීමේ සූදානමින් පසුවෙයි.

“ගගන්යාන්” නමින් නම් කර ඇති මෙහෙයුම යටතේ පළමුව මිනිසුන් රහිතව පර්යේෂණ මට්ටමින් රොකට්ටුවක් අභ්‍යවකාශගත කිරීමට නියමිතය.

G1 ලෙස හැඳින්වෙන රොකට්ටුව එළඹෙන දෙසැම්බර් මාසයේදී අභ්‍යවකාශගත කිරීමට අපේක්ෂා කරන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය එනම් ඉස්රෝ (ISRO) ආයතනය පවසයි.

ගගන්යාන් මෙහෙයුම යටතේ මෙට්‍රික්ටොන් 5.3ක බරකින් යුතු අභ්‍යවකාශ යානය දින 7ක කාලයක් පුරා පෘථිවි කක්ෂයේ රැඳී සිටීමට නියමිතය.

ගගනගාමීන් තිදෙනෙකුද රැගත් යානය දියත් කිරීමට සැලසුම් කර ඇත්තේ 2025 වසරේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here