අපේ ගුවන් හපන්නු එතෙරත් වැඩ පෙන්නයි

    0
    160

    මාධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව රාජකාරියේ නිරතව සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය මාධ්‍යම අප්‍රිකානු ජනරජයේ සන්නද්ධ හමුදාවට එරට ක්‍රියාත්මක කැරළිකාර කණ්ඩායමක් කළ ප්‍රහාරයක් සාර්ථකව වැලැක්වීමට දුන් සක්‍රිය දායකත්වය එරට සාමසාධක හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ඩැනියෙල් සිඩ්කි ට්‍රෝරේ මහතා ඇගයීමට ලක්කර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

    එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය හෙලිකොප්ටර් දෙකක් යොදාගනිමින් ගොඩබිම් මෙහෙයුම් භටයන්ට සහයෝගය ලබාදෙමින් සාර්ථක ප්‍රහාරයක් එල්ල කළ බවත් එම ප්‍රහාරයෙන් කැරළිකරුවන් පළවා හරිමින් ප්‍රදේශයේ බලය මාධ්‍යම අප්‍රිකානු ජනරජ හමුදාව අතට පත්වූ බවත් ගුවන් හමුදාව පවසයි.

    ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරිවලට භට කණ්ඩායම් යෙදවීමෙන් මේ දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් පමණ රටට ලබාදී ඇති බව ද ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ ගෲප් තපිතාන් දුෂාන් විජේසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    Lankadeepa News Report – 24/07/22 – දියත
    (යොහාන් භාසුර)

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here