මැද පෙරදිය යුද උණුසුම නිසා රටවල් රැසක් ලෙබනනයෙන් සිය පුරවැසියන් ඉවත්කර ගනී

0
220

මැද පෙරදිය යුද උණුසුම නිසා රටවල් රැසක් ලෙබනනයෙන් සිය පුරවැසියන් ඉවත්කර ගනී

DIVAINA LK NEWS

August 5, 2024

ලෙබනනයේ ක්‍රියාත්මක ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලය ඉලක්ක කරමින් රොකට් ප්‍රහාර එල්ලකර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

පසුගියදා ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලා ප්‍රධානියෙකු මියයෑමේ සිදුවීම මුල්කර ගෙන ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට හිස්බුල්ලා සංවිධාන අනතුරු අඟවා තිබුණි.

ඊශ්‍රායලය පවසන්නේ සිය ‘අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතිය’ මගින් රොකට් ප්‍රහාර වැළැක්වීමට සමත්වූ බවය.

හිස්බුල්ලා ප්‍රහාර හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව වාර්තා වේ. මෙම තත්ත්වය නිසා මැද පෙරදිග යුද ගැටුම් තීව්‍රවීමේ අවදානමක් උග්‍රවීම හේතුවෙන් ඇමෙරිකාව, බි්‍රතාන්‍ය, ජෝර්දානය, කැනඩාව ඇතුළු රටවල් ලෙබනනයේ සිටින සිය පුරවැසියන්ට වහාම එරටින් පිටවන ලෙසට නිවේදනය කර ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here