මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය අදින් ඇරඹේ
05 August 2024

සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ කටයුතු අද (05) ආරම්භ කෙරේ.
නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාලයන්හි දී කප් සිටුවීමේ මංගල්‍යය අද පෙරවරු 4.10ට යෙදී තිබු සුභ මොහොතින් සිදුවිය.
කප් සිටුවීමෙන් අනතුරුව දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහර පවත්වා ප්‍රථම කුඹල් පෙරහර මේ මස 10 වනදා වීථි සංචාරය කිරීමට නියමිතය.