ජනපති සටනට ඇප තැන්පත් කළ අය

0
336

ජනපති සටනට ඇප තැන්පත් කළ අය
DIVAINA LK NEWS
August 1, 2024

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 10 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ඒ අනුව ස්වාධීන අපේක්ෂකයන් ලෙස රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න සහ කේ.කේ. පියදාස යන මහත්වරු ද අභිනව නිවහල් පෙරමුණ පක්ෂයෙන් ඕෂල හේරත්, ශ්‍රී ලංකා කම්කරු පක්ෂයෙන් ඒ. එස්. පී. ලියනගේ, සමගි ජන බලවේගය පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස, ජාතික සංවර්ධන පෙරමුණ පක්ෂයෙන් පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් විජයදාස රාජපක්ෂ, එක්සත් සමාජවාදී පක්ෂයෙන් සිරිතුංග ජයසූරිය සහ රුහුණු ජනතා පෙරමුණ පක්ෂයෙන් අජන්ත ද සොයිසා යන මහත්වරු ද ඇප මුදල් තැන්පත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here