කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂ 05 ත්‍යාග මුදලක්
ARUNA LK NEWS
30 July 2024

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් වංශ කතාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂ 05 ත්‍යාග මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා ඇත.
රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙවර ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ප්‍රබල ඉන්දීය කණ්ඩායම කඩුළු 8කින් පරාජය කරමින් ඓතිහාසික ජයක් ලැබූ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලානයක් දිනාගැනීමට සමත් වුණි.