ආචාර්‍ය වික්‍රමබාහු කරුණාරත්නයෙනි, ඔබට සුභ ගමන්

0
364

ආචාර්‍ය වික්‍රමබාහු කරුණාරත්නයෙනි ඔබට සුභ ගමන්

වාමාංශික දේශපනයේ නව මානයක් ඔස්සේ ගෙනයාමට නායකත්වය දුන් ” බාහු” අද එම දේශපාලන කරලියෙන් සදහටම නික්ම ගියේය.ඔහු අප කවුරුත් නමේ මුල් අකුරු කිහිපයක් කී පමණින් දන්නා හැඳිනු පෙරළිකාර දේශපාලනඥයෙකුවූ ආචාර්‍ය වික්‍රමබාහු කරුණාරත්නයි.නව සමසමාජ පක්ෂයේ නායකයා වූ ඔහු අද උදැසන මියගිය බව පුවත්පත් වාර් තා වල සඳහන්වේ. ඔහු මිය යන විට 81 වෙනි වියෙහි පසුවිය.

බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල, ගුරු දෙමව්පියන්ට දාව ඔහු උපත ලබා තිබුණේ 1943 මාර් තු මස 8වනදාය. සබඳතා මුදියන්සේ කරුණාරත්න ඔහුගේ පියා
වූ අතර මව විමලා කොතලාවල නම්විය. සිය ප්‍රාථමික අධ්‍යාපනය මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙන් ලබා වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ ආනන්ද මහා විදුහලට ඇතුලත්ව තිබුණි.ඉන්පසු ඔහු ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඔහු විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ ගෞරව උපාධිය ලබා ගත්තේය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලැබූ ඔහු 1970 දී ආචාර්ය උපාධියක් ලබාගත් අතර නැවත ශ්‍රී ලංකාවට පැමිණ අධ්‍යයන වෘත්තියක් ආරම්භ කළේය.

ඔහු දේශපාලනයට අවතීර්ණවී ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙකු ලෙස ඉගැනීමේ නියැලී සිටියදීය.1962 දී ලංකා විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයකු ලෙස සිටියදී ඔහු ලංකා සමසමාජ පක්ෂයට (ලසසප) සම්බන්ධ වී තිබුණි. ඔහු 1972 දී සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට තේරී පත් විය. නමුත්එවකට් පවතී සභාග රජය සමග එකතුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ 1972 ජනරජ ව්‍යවස්ථාවට සහය දැක්වීම සම්බන්ධයෙන් පක්ෂයේ නායකත්වය සමඟ ඔහු ගැටුමක් ඇතිවී වි එය දුර දිගයාමෙන් ඔහු සමසමාජ පක්ෂයෙන් නෙරපා හරින ලදී.ඉන් අනතුරුව 1977 දී ඔහු , වාසුදේව නානායක්කාර ඇතුළු ලසසපයේ අනෙකුත් හිටපු සාමාජිකයන් සමඟ එකතු වී සමසමාජ පක්ෂයෙන් කැඩී ගිය පක්ෂයක් වූ නව සමසමාජ පක්ෂය පිහිටුවා ගත්තේය.

1978 දී ඔහු මහනුවර කරා සනිවිධනය කර තිබු පාගමනට එරෙහිව විරෝධතා පැවැත්වීමේ හේතුව මත එවකට වත්මන් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනමහතා රජය විසින් මහනුවරදී අත්අඩංගුවට ගනු ලැබීය. මෙම හේතුවෙන්මාස කිහිපයක ඔහු අත්අඩංගුවේ රඳවා තිබුණි. රැඳවුම් භාරයෙන් පසු චෝදනාවකින් තොරව ඔහු නිදහස් කර තිබු අතර , අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුව සේවයෙන් අත්හිටුවන ලද පේරාදෙණිය විශ්ව විද්‍යාලය තරමක් ප්‍රමාද වූ පරීක්ෂණයකින් පසුව ඔහුව නැවත සේවයේ පිහිටුවන ලදී. ආපසු ගෙවීමෙන් පසු ඔහුට විශ්ව විද්‍යාලයෙන් පිටව යාමට සිදුවිය. 2001 දී කැබිනට් තීරණයෙන් ඔහු නැවත සේවයේ පිහිටුවන නමුත් විශ්ව විද්‍යාලයෙන් ඒ සඳහා අවසර නොලැබුණි. මානව හිමිකම් කොමිසම මැදිහත් වී එවකට බලයේ සිටි රජය ඔහුට ආපසු වැටුප් ගෙවා ඔහුගේ තත්ත්වය යථා තත්ත්වයට පත් කළේය.

1983 කළු ජූලියේ දෙමල විරෝධී කෝලාහලයෙන් පසු ශ්‍රී ලංකා රජය නව සමසමාජ පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය තහනම් කළේය.වික්‍රමබාහු කරුණාරත්න, වාසුදේව නානායක්කාර, රෝහණ විජේවීර සහ අනෙකුත් වාමාංශික දේශපාලනඥයන් හදිසිනීති රෙගුලාසි යටතේ අත්අඩංගුවට ගැනීමට නියෝග කළේය. ඔවුන් 1985 එම තහනම් නියෝගය ඉවත් කරන තෙක් සැඟවී සිටියේය.

1987 දී, නසසප, ලසසප, කොප සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය සමග එක්සත් සමාජවාදී සන්ධානය පිහිටුවීමට සම්බන්ධ වුයේය. 1988 දෙසැම්බර් 2 වැනි දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඔසී අබේගුණසේකරට සහය පළ කරමින් කොළඹට නුදුරින් කඩවත්තේ පැවති මැතිවරණ රැලියකට ජවිපෙ කල්ලියක් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා කරුණාරත්න තුවාල ලැබීය. ජවිපෙ සිය දෙවන කැරැල්ලේදී බොහෝ වාමාංශික දේශපාලනඥයන්ට සහ ඔවුන්ගේ ආධාරකරුවන්ට පහර දුන් අතර මෙම සමයේ ඔහු දිවි ගැලවා ගත්තේ මහත් පරිශ්‍රමනයකිණි .
ඔහු උතුරු -නැගෙනහිර නව සමසමාජ පක්ෂයේ (නසසප) නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න නිවේදනයක් නිකුත් කරමින්වරක් කියා සිටියේ, “අඛණ්ඩව පවතින” දෙමළ ජන සංහාරය ජාත්‍යන්තර වශයෙන් පිළිගත යුතු බවත්, ඊළම රාජ්‍යයක් ලෙස පිළිගත යුතු බවත් ය.
“දෙමළ ඊළම ජාත්‍යන්තරව පිළිගැනීමට ක්‍රමානුකූල ජනමත විචාරණයක් අවශ්‍යයි,” ආචාර්ය කරුණාරත්න ප්‍රකාශ කළේයයි ලන්ඩන් නුවරදී පැවැත්වූ පුවත්පත් හමුවකදී ඔහු සඳහන් කර ඇතැයි “ටැමිල් මිරර් “පුවත් පත වරක් සඳහන් කර තිබිණි .තවද “වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින දෙමළ හඬ යටපත් කිරීමට බටහිර ලෝකය ත්‍රස්තවාදයේ නම ප්‍රචාරය කර ඇත,” ඔහු වැඩිදුරටත් පැවසු බවත්, “වරාය නගරය චීනයටත්, ත්‍රිකුණාමලය ඉන්දියාවටත්, ඇමරිකාවටත් පවරා දෙන විට දෙමළ ජනතාවට ඔවුන්ගේ නියම දෙමළ ඊළාම් රාජ්‍යය ලබා දිය යුතුයි,” ආචාර්ය කරුණාරත්න පැවසීය.

“දැන් චීනය එහි සිටින බැවින්, ඩයස්පෝරාව දෙමළ ජන සංහාරය පිළිගැනීමට ඔවුන්ට බලකරමින් තම නීත්‍යානුකූල භූමිය නැවත ලබා ගැනීමේ අරගලය නීත්‍යානුකූල කළ යුතුය” ආචාර්ය කරුණාරත්න අවසන් කළේය.

1998 දී නසසප ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය, නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ එක්සත් සමාජවාදී පක්ෂය (නව සම සමාජ පක්ෂයෙන් බිඳී ගිය කන්ඩායමක්) සමග නව වාම පෙරමුණ (NLF) පිහිටුවීමටද මුල්වුයේය. අනතුරුව 2004 සිට නව වාම පෙරමුණ ලෙස නැවත සකස් වී ඇත.
ආචාර්‍ය කරුණාරත්න 2010 ශ්‍රී ලංකා ජනාධිපතිවරනය සඳහා වාම පෙරමුණේ අපේක්ෂකයා ලෙස තරඟ කල නමුදු වික්‍රමබාහු කරුණාරත්නට මුළු දිවයිනෙන්ම ලබාගන්නට හැකිවුයේ ඡන්ද 7,055ක් හෙවත් ප්‍රකාශිත ඡන්දවලින් 0.07%ක් පමණි.වමේ විවිධ සටන් වල උද්ගෝ ෂණවල වික්‍රම බාහුගේ අම මුලින්ම කියැවුණු සමයක් විය.අද එය වියකි ගොසින්ය. ඔබේ අප දේශපාලනයේ සටන් ගැන තවත් බොහෝ කළක් අප මතකයේ රැඳෙනු ඇත, ආචාර්‍ය වික්‍රමබාහු සහෝදරයාණෙනි ඔබට සුභ ගමන්.

අන්තර් ජාලයේ පුවත් ඇසුරින් මෙය සකස් කළේ ශාන්ත සේනාධීරයි .
ලංකා නිවුස් යුකේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here