ඔලිම්පික් යන රණවිරුවන්ට හමුදාපතිගෙන් තෑගි

0
329

ඔලිම්පික් යන රණවිරුවන්ට හමුදාපතිගෙන් තෑගි
LANKADEEPA LK NEWS
2024 ජුලි මස 23

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රිඩා තරඟාවලියට යාම සදහා සුදුසුකම් ලැබූ යුද හමුදා මාණ්ඩලික සැරයන්වරුන්ට යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා රුපියල් ලක්ෂ 20 ක මුදලක් පිරිනැමීය.

එම මූල්‍යාධාර ලබාදීම යුද හමුදා මූලස්ථායේදී අද සිදු කෙරිණ.

කාලතුවක්කු රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් අරුණ දර්ශන සහ යුද හමුදා කාන්තා බළකායේ මාණ්ඩලික සැරයන් නදීෂා දිල්හානි ලේකම්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම මුදල් හිමිවිය.

එහිදී එක් ක්‍රීඩකයකුට රුපියල් ලක්ෂ 10 බැගින් ලක්ෂ 20 ක මුදලක් යුද හමුදාපතිවරයා විසින් පිරිනමනු ලැබීය.

ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා නාමයත්‍, යුද හමුදා නාමයත් බබළවන්නැයි යුද හමුදාධිපතිවරයා ඔවුන්ට සුබ පැතුම් එක් කිරීමට ද අමතක නොකළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here