ජනපති අපේක්ෂකයන්ට රනිල් විශේෂ ආරක්ෂාවක් ඉල්ලයි

0
379

ජනපති අපේක්ෂකයන්ට රනිල් විශේෂ ආරක්ෂාවක් ඉල්ලයි

ARUNA LK NEWS

17 July 2024

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ.

අද (17) පස්වරුවේ මෙම සංදේශය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ට මෙන්ම හිටපු ජනාධිපතිවරුන්ගේ පෞද්ගලික ආරක්ෂක විධිවිධාන අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

එම සියලු ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කිරීමටද ඔහු යෝජනා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here