ඔලිම්පික් උළෙලේ සිංහ ධජය ගෙනයන්නේ විරේන් හා දිල්හානි

0
359

ඔලිම්පික් උළෙලේ සිංහ ධජය ගෙනයන්නේ විරේන් හා දිල්හානි
සුසිල් ජයකොඩි
DIVAINA LK NEWS
July 9, 2024

හැංෂෝ (Hanqzhou) ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රිදී පදක්කම්ලාභී දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නායිකාව ලෙස නම් කර තිබේ.

ඇය ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන ක්‍රීඩිකාවකි. ඇහැලියගොඩ මහින්ද විiාලයේ ආදි සිසුවියක ද වෙයි.

2017 දී බුවනේස්වර් ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී, 2022 දී හැංෂෝ ආසියානු ක්‍රීඩා උළෙලේදී සහ 2023 දී බැංකොක් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ඇය ලෝකඩ පදක්කමක් ද දිනා ගත්තාය.

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව විසින් පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයේ සමස්ත නායකයා ලෙස විරේන් නෙත්තසිංහ නම් කර ඇති බවට වාර්තා වේ. මේ අනුව ඔලිම්පික් උළෙලට සහභාගි වන ක්‍රීඩකයන් වන්නේ බැට්මින්ටන් පිරිමි කේවල ඉසව්වෙන් විරේන් නෙත්තසිංහ, කාන්තා මීටර් 100 පසුපස ආර සහ පිරිමි මීටර් 100 නිදහස් ආර ඉසව් සඳහා පිළිවෙළින් ගංගා සෙනෙවිරත්න සහ පිහිනුම් ඉසව්වෙන් කයිල් අබේසිංහ, මලල ක්‍රීඩා ඉසව්වෙන් තරුෂි කරුණාරත්න, නදීෂා ලේකම්ගේ සහ අරුණ දර්ශන වේ.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා පිටත්ව යන කණ්ඩායමට ශ්‍රී ලංකාව නියෝජනය කරන ඉහත කී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනා, නිලධාරීන් 8 ක් සහ සූපවේදියකු ද ඇතුළත් වේ.

ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය 2024 ජූලි 26 දින පැරිස් වේලාවෙන් 7.30ට ආරම්භ වීමට නියමිතව ඇත. සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ධජය දරන්නේ නදීෂා ලේකම්ගේ සහ විරේන් නෙත්තසිංහ වේ.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජූලි 26දා සිට අගෝස්තු 11 දක්වා ප්‍රංශයේදී පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here