ලක් දියණිය ලොවක් දිනයි

0
303

ලක් දියණිය ලොවක් දිනයි
LAKADEEPA LK NEWS
(ටී.කේ.ජී.කපිල)
2024 ජුලි මස 01

එක්සත් රාජධානියේ ජාත්‍යන්තර කාර්යාල කළමනාකරණ ආයතනය විසින් පිරිනමනු ලැබු ” ජාත්‍යන්තර කාර්යාල කළමනාකරු – 2024″ සම්මානය පරිපාලක වෘත්තිකයන්ගේ විද්‍යායතනයේ සභාපතිවරයා මෙන්ම ස.ණ.ස.සංවර්ධන බැංකුවේ විධායක ලේකම්වරයා වන ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙල මහත්මිය දිනාගත්තාය.

මෙම සම්මානය ශ්‍රී ලංකාවට මෙන්ම සමස්ථ ආසියානු – ෆැසිපික් කළාපයටම දිනා ගැනීමට හැකි වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි .

මෙම සම්මානය එක්සත් රාජධානියේ ජාත්‍යන්තර කාර්යාල කළමනාකරණ ආයතනය විසින් මාස 08 ක කාළයක් තුළ සිදු කළ ඇගැයීම් වලින් අනතුරුව ලෝකයේ විවිධ රටවල තරගකාරි අයදුම්කරුවන් 750 දෙනකු අතරින් ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙල මහත්මිය ප්‍රථම ස්ථානයට තෝරා ගෙන තිබුණි.

මෙම සම්මානය එංගලන්තයේ ලන්ඩන් නුවර ” ග්‍රෑන්ඩ් කෙනාඩ් ” හෝටලයේ දී ඉකුත් 20 වැනි දින පැවැති උත්සවයේ දී ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙල මහත්මිය වෙත පිරිනමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here