මළවුන් 6000කට විශ්‍රාම වැටුප් දීලා

0
189

මළවුන් 6000කට විශ්‍රාම වැටුප් දීලා

MAWBIMA LK NEWS

ජූනි 27, 2024

මිය ගිය විශ්‍රාමිකයන් හයදහසකට අධික පිරිසකට නීති විරෝධී ලෙස විශ්‍රාම වැටුප් ලබා දී ඇතැයි කෝපා කමිටුවේදී හෙළි වී ඇත.

එක් පුද්ගලයෙකු වසර තුනකදී විසිහය ලක්ෂ අනූහය දහස් තුන්සිය හතරක මුදලක් එසේ ලබා ගෙන ඇති බව ද එය එක් සිද්ධියක් පමණක් වන අතර එවැනි සිද්ධි ගණනාවක් කෝපා කමිටුවට වාර්තා වී ඇති බව ද එම කමිටුවේදී කරුණු හෙළිවිණි.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් කෝපා කමිටුවට පසුගියදා කැඳවූ අවස්ථාවේ මෙම කරුණු පිළිබඳ විස්තර ඉදිරිපත් වී ඇත.

විශ්‍රාම වැටුප් බොහෝ ප්‍රමාණයක් වැඩිපුර ගෙවා ඇති බව නියෝජ්‍ය විගණකාධිපති එම්.එස්. නයන කුමාර මෙම කමිටුවේදී පවසා ඇත.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වැරැදිසහගත ක්‍රියා හේතුවෙන් මෙම අක්‍රමිකතා සිදුව ඇතැයි ද මෙලෙස විශ්‍රාම වැටුප් වැඩිපුර ගෙවීම් බොහෝ සිදුව ඇත්තේ, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ බව ද කෝපා කමිටුවේදී අනාවරණය වී තිබේ.

මිය ගිය අය සහ දුබලතාවට පත්වී ඇති පුද්ගලයන්ගේ ජීවන වියදම් ද වැඩිපුර ගෙවා ඇති බව ද මෙම කමිටුවේදී කරුණු ඉදිරිපත් වී ඇත.

මෙලෙස නීති විරෝධී විශ්‍රාම වැටුප් ලබා ගැනීම් 6,400ක් පමණ වාර්තා වී ඇති බව ද කෝපා කමිටුවේදී කරුණු හෙළිදරව් වී තිබේ.

අනුරාධා හේරත්, ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here