ක්‍රිකට් ක්‍රීඩාවට ඩක්වර්ත්-ලුවිස් ක්‍රමය හඳුන්වා දුන් සම-නිර්මාතෘ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් මිය යයි

0
114

ක්‍රිකට් ක්‍රීඩාවට ඩක්වර්ත්-ලුවිස් ක්‍රමය හඳුන්වා දුන් සම-නිර්මාතෘ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් මිය යයි
MAWBIMA LK NEWS
By Tharaka Samman -ජූනි 26, 2024

ඩක්වර්ත් – ලුවිස් ක්‍රමවේදයේ සම-නිර්මාතෘ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මිය යන විට ඔහු 84 වන වියේ පසු වූ බව ය.

වර්ෂාවෙන් බාධා එල්ල වන ක්‍රිකට් තරගවල ප්‍රතිඵල තීරණය කිරීමට ඉංග්‍රීසි සංඛ්‍යාලේඛනඥයෙකු වන ටෝනි ලුවිස් සමග නිර්මාණය කරන ලද ඩක්වර්ත් – ලුවිස් ක්‍රමය ප්‍රථම වරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිත කරන ලද්දේ 1997 වසරේදී ය.

පසුව එය නියමිත පන්දු වාර ගණන අවසන් කළ නොහැකි තරගවල ප්‍රතිඵලය තීරණය කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් භාවිත කිරීම ආරම්භ කරනු ලැබුවේ, 2001 වසරේදී ය.

නමුත් එම ක්‍රමවේදය හඳුන්වන නාමය, Duckworth-Lewis-Stern ලෙස 2014 වසරේදී වෙනස් විය.

ඒ, ඩක්වර්ත් සහ ලුවිස් විශ්‍රාම ගැනීමෙන් පසුව සහ ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛනඥ ස්ටීවන් ස්ටර්න් විසින් එම ක්‍රමවේදයේ කරන ලද වෙනස් කිරීම්වලින් පසුව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here