කෙන්යාවේ පාර්ලිමේන්තුවට ගිනි තැබූ විරෝධතාකරුවන්හි එහි සෙංකෝලය ද පැහැර ගනිති

0
377

කෙන්යාවේ පාර්ලිමේන්තුවට ගිනි තැබූ විරෝධතාකරුවන්හි එහි සෙංකෝලය ද පැහැර ගනිති
26 June 2024

කෙන්යාවේ විරෝධතාකරුවන් පිරිසක් එරට පාර්ලිමේන්තුවට ගිනි තබා ඇතැයි බව විදේශ පුවත් වාර්තාවල සඳහන්වේ.
එහි අගනුවරදී පැවති මේ විරෝධතා හේතුකර ගෙන ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් අතර සිදුවූ මෙම ගැටුම් වලින් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

කෙන්යාවේ නයිරෝබි නගරයේදී පැවති මෙම විරෝධයට හේතුවී ඇත්තේ ආන්දෝලනාත්මක මූල්‍ය පනත් කෙටුම්පතකට විරෝධය ක්‍රියාත්මක කිරීම පිණිසයයි ද කියවේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පාර්ලිමේන්තු සෙංකෝලය ද සොරකම් කර ඇති බවයි.

එරට සෑම ප්‍රදේශයකම විරෝධතා ක්‍රියාත්මක වී ඇති අතර විරෝධතාකරුවන් අතර හිටපු අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ සොහොයුරියක වන අවුමා ඔබාමා ද සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.
ජනාධිපති විලියම් රූටෝ ජාතිය අමතමින් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ විරෝධතාකරුවන් සංවිධානාත්මක අපරාධකරුවන් වන බවයි.

ඔවුන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබේ.

මෙම විරෝධතා සඳහා හේතුවී ඇත්තේ පාර්ලිමේන්තුව විසින් ගෙනාවිත තිබු මූල්‍ය පනත් කෙටුම්පතට අනුව අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩ කිහිපයක් සඳහා අගය එකතු කිරීමේ බද්දක් පැනවීම නිසා යයි එම වාර්තවල සඳහන්වේ,
විරෝධතා හේතුවෙන් බදු වැඩි කිරීම් කිහිපයක් පනත් කෙටුම්පතින් ඉවත් කිරීමට එරට රජය තීරණය කර ඇති එමවාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here