කාන්තා අයිතිවාසිකම් ගැන ජනපති කළ කතාවකට ජාජබ නීතිඥයින් නඩු මගට

0
274

By

 Anuradha Herath

 –

ජූනි 22, 2024 ප.ව. 12:20

0

කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ සඳහන් නොවෙන කාරණාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී ප්‍රකාශ කර ඇති බවත් එකී කතාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහිව නඩු පවරන්නට සිදුවෙන බවත් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ අවධාරණය කරති.

එනම් ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වී “කාන්තා අයිතිවාසිකම් ගැටගසා දැම්මා” වැනි කතාවක් ඔහු ප්‍රකාශ කර ඇති බවත් ඒ අනුව මූලික අයිතිවාසිකම් නඩුවක් පැවැරීමටත් සූදානම් බව එම සංවිධානය පවසයි.

විධායකයට අවශ්‍ය ආකාරයට පාර්ලිමේන්තුව තුළ සිදු කරන ප්‍රකාශ ඉන් පිටතදී සිදුකළ නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනතට පටහැනි බවත් එම සංවිධානයේ නීතිඥ සුනිල් වටගල පැවසීය.

ඔහු මෙසේ ද කීය.

“රනිල් වික්‍රමසිංහ අවස්ථා ගණනාවකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ කොන්ද කඩන්න හැදුවා. ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අදාළ තීන්දුව ලබාදුන් ප්‍රීති පද්මන් සූරසේන විනිසුරුවරයා ම පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට අතුරු නියෝගයක් ලබා දුන්නා. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එම අතුරු නියෝගය ලබා දුන් විනිසුරුවරු තිදෙනා ම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවක් හමුවට ගෙන ආ යුතු බවට තමන්ගේ ගෝලයෙකු ලෙස සිටින ප්‍රේමනාත් සී. ‍ෙදාලවත්ත යොදවා ප්‍රකාශයක් කළා.”

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් නිර්දේශ ලබාගැනීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව ප්‍රකාශ කරමින් ජනතාව ඉදිරියේ අධිකරණයට තිබෙන විශ්වාසය බිඳ දැමීමට ඔහු උත්සාහ කරමින් සිටිනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කළ කතාවට සම්පූර්ණයෙන්ම පටහැනි කතාවක් විවෘත තැනකදී කියනවා. “අවාසනාවකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදී තිබෙන තිීන්දුව නිසා මේ රටේ කාන්තාවන්ට කිසි දවසක සමානත්වයක් ලබා ගන්න බැහැ. ඒ තීන්දුව මේ රටේ ව්‍යවස්ථාවටත් පාර්ලිමේන්තුවටත් පටහැනි ලෙස සලකළා. අපේ අරමුණ කාන්තාවටත් පිරිමි අයට හා සමාන අයිතිවාසිකම් සඳහා අවස්ථාවක් ලබාදීමයි. ජාත්‍යන්තර කාන්තා සංවිධාන සියල්ලම ඒ අරමුණෙන් ගෙනත් තිබෙනවා. මගේ මතය අනුව ඒ ගිවිසුම්වලට බාධා කරන්න පාර්ලිමේන්තුවටවත් අධිකරණයටවත් විධායකයටවත් බැහැ. අපි කැපවෙලා ඉන්නේ ඒ අරමුණ ඉෂ්ට කරන්න. ඒ නිසා බයක් තියාගන්නේ නැතිව කටයුතු කරන්න මම පාර්ලිමේන්තුවේ සියලුදෙනාටත් කීවා.” ඔහු මේ කියන දේ හරි පැහැදිලියි. පාර්ලිමේන්තු වරප්‍රසාදවලින් පිටතදී තනිකරම විකෘති අදහසක් කියනවා. එළියට ඇවිත් මේ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වී කාන්තා අයිතිවාසිකම් ගැට ගසා දැම්මා වගේ කතාවක්. කාන්තා අයිතිවාසිකම් ගැන තීන්දුවේ සඳහන් නොවෙන දෙයක් එළියට ඇවිත් කියනවා. මේ කතාව සම්බන්ධයෙන් නම් ජනාධිපතිවරයාට එරෙහිව නඩු පවරන්න සිදුවෙනවා. විධායකයට ඕන ඕන ආකාරයට පාර්ලිමේන්තුව තුළ කියන කතා එළියට ඇවිත් කියන්න බැහැ.

රනිල් වික්‍රමසිංහගේ මේ කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනතටත් පටහැනියි. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවටත් පටහැනිියි. ඒ අනුව අධිකරණයට කරන ලද අපහාසය සම්බන්ධයෙන් නඩු පැවැරීමේ හැකියාව ගැන අපේ නීතිඥ මණ්ඩලයත් සලකා බලමින් ඉන්නවා.

මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් පැවැරීමට අපි බලාපොරොත්තු වෙනවා. අධිකරණ ඇමැතිත් ජනාධිපතිත් දෙන්නාම පටු පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් අධිකරණය හෑල්ලු කරනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයන් ලෙස අපි මේ තත්ත්වය හෙළා දකිනවා. මෙවැනි පටු අරමුණු වෙනුවෙන් අධිකරණය හෑල්ලු කිරීමට ඉඩ නොතබන බවත් අවධාරණය කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here