ජනපති අධිකරණයට කරන අත පෙවීම් නතර කිරීමට ජනතා බලවේගයක්

0
357

ජනපති අධිකරණයට කරන අත පෙවීම් නතර කිරීමට ජනතා බලවේගයක්
MAWBIMA LK NEWS
By Krishan Jayasuriya -ජූනි 22, 2024

ජනාධිපතිවරයා, ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට සිදු කරන මැදිහත් වීම් එළඹෙන ජනාධිපතිවරණය තෙක් නැවැත්වීමට සිවිල් සංවිධාන හා විපක්ෂ දේශපාලන සංවිධාන එක් කරගනිමින් ජනතා බලවේගයක් ගොඩ නැගීමට නිදහස ජනතා සභාව සූදානම් වන බවට ‘ඉරිදා මව්බිම’ට වාර්තා වේ.

සමගි ජන සන්ධානය ද මීට මූලිකව සහය ලබා දෙන බව නිදහස ජනතා සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ජනාධිපතිවරයා මෙලෙස ව්‍යවස්ථාදායකයට මැදිහත් වීමට ගත් උත්සහයන් කිහිපයක් වළක්වා ගැනීමට විපක්ෂය කළ ක්‍රියාදාමයන් හේතුවූ බව ද ඔහු කීය.

ව්‍යවස්ථාදායක සභාවේදී පසුගිය දා නීතිපතිවරයාට “සේවා දිගුවක්” ලබා දීමට කළ වෑයම නතර කිරීම එවැනි ක්‍රියාවක් බවද එම ප්‍රකාශකයා කීවේ ය.

මෙම වසරේදී ජනාධිපතිවරණය නියමිත වේලාවට නොපැවැත්වුවහොත් නොවැම්බර් 18 වන දා යින් පසු, පවතින රජය නීත්‍යනුකූල නොවන බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

ජනාධිපතිවරණය පවත්වන තෙක් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමත් අනීතික මැදිහත් වීම් නවතා ගැනීම හා ජනාධිපතිවරණය ස්වාධීනව පැවත්වීමට අවශ්‍ය වටපිටාව ඒ අනුව නිර්මාණය කර ගැනීමත් මේ වැඩපිළිවෙළේ අරමුණ බව ද නිදහස ජනතා සභාවේ ප්‍රකාශකයා කීවේ ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here