ආයතන විස්සක දත්ත පද්ධති මැකිලා

0
442

LANKADEEPA LK NEWS

22/06/24

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විස්සක පමණ රුපියල් කෝටි ගණනක වියදමින් ස්ථාපනය කරනු ලැබ ඇති දත්ත පද්ධති මේ වනවිට ආකර්මණ්‍ය තත්වයේ පවතින බව විගණන වාර්තාවලින් හෙළිවී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අගියවන්න මහතා පවසන්නේ රුපියල් කෝටි 1700 කින් ස්ථාපනය කරන ලද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියද මේ වනවිට ක්‍රියාත්මක නැති බවයි.

බොහෝ රාජ්‍ය ආයතනවල දත්ත පද්ධතිවලින් වැඩක් වී නැතැයිද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය ආයතනය කාර්යක්ෂම කිරීම සහ ආදායම වැඩිකර ගැනීම සඳහා ඩිඩිජල්කරණය ඉතා වැදගත් වුවත් ඒවා විධිමත් ආකාරයට ක්‍රියාත්මක කළ යුතු බවද අලගියවන්න මහතා පෙන්වා දුන්නේය.

බොහෝ ආයතන වල දත්ත පද්ධති අකර්මන්‍ය වීමෙන් ජනතා සේවයට බාධා මතුව ඇති බව විගණන වාර්තා පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here