ශ්‍රී ලංකා පිතිකරුවන් නෙදර්ලන්තයට දුන් ඉලක්කය

0
327

17 June 2024

ශ්‍රී ලංකා පිතිකරුවන් නෙදර්ලන්තයට දුන් ඉලක්කය

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තයට එරෙහි මේ න විට පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 201ක් රැස්කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක පන්දු 21කදි ලකුණු 46ක් රැස්කර ගැනීමට සමත් විය.

ඊට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහරක් ඇතුළත් වේ.

කුසල් මෙන්ඩිස් පන්දු 29කදී හතරේ පහර 5ක් සමග ලකුණු 46ක් රැස්කර ගත්තේය.

ධනංජය ද සිල්වා පන්දු 26කදී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 34කි.

ඇන්ජලෝ මැතිව්ස් නොදැවී පන්දු 15කදී දැවැන්ත හයේ පහර 2ක් සමග ලකුණු 30ක් රැස්කර ගැනීමට සමත් විය.

නායක වනිදු හසරංග පන්දු 6කදී දැවැන්ත හයේ පහර 2ක් සමග රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 20කි.

කමිදු මෙන්ඩිස් ලකුණු 17යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here