‍ශ්‍රී ලංකාවට ලකුණු 155ක ජයක්

0
295

ARUNA LK NEWS

11 February 2024

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (11) පැවති තරගයේ දී ලකුණු 155ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණි.

අද තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පස්වරු 2.30ට ආරම්භ වූ අතර එහි කාසියේ වාසිය දිනා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 308ක් ලබා ගත්ෙත්ය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 33යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 153ක් පමණි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Ibrahim Zadran ලකුණු 54ක් සහ Rahmat Shah ලකුණු 63ක් රැස් කෙළ්ය .

එමෙන්ම Hashmatullah Shahidi ලකුණු 09කට දැවී ගිය අතර Rahmanullah Gurbaz ලකුණු 8ක් ලබා සිටියදී දැවී ගිෙය්ය.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුළු 4ක් දවා ගත් අතර අසිත ෆර්නෑන්ඩු සහ ඩිල්ෂාන් මධුශංක කඩුළු 02 බැගින් දවා ගැනීමට සමත් වුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here