ලංකා නිවුස් යුකේ, 05/01/23

කුරුණෑගල පොතුහැර ඉදිකෙරෙන දළදා මාලිගාවක් ” ගැන මහ නාහිමිවරු ජනපතිට පැමිණිලි කර ඇති අතර ඒ පිලිබඳ නීතිමය පියවර ගැනීමට ජනාධිපතිවරයා විසින් අදාළ අංශවලට කටයුතු කරන ලෙස උපදෙස් දුන් බව වාර්තාවේ.
බුදු දහමට හා ශාසනික චිර පැවැත්මට හානිකර අයුරින් හා දළදා ඉතිහාසය විකෘති වන ආකාරයෙන් ව්‍යාජ දළදා මාලිගාවක් නිර්මාණය කරමින් මිථ්‍යා මත ඉස්මතු කර දැක්වීම හා බුදු දහම කෙරෙහි අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධව වහා පියවර ගන්න.ව්‍යාජ දළදා මාලිගාවක් කුරුණෑගල, වදාකඩ, පොතුහැර ප්‍රදේශයේ ගොඩනගා දේශීය හා විදේශීය ගිහි පැවිදි බෞද්ධදේශීය හා විදේශීය ගිහි පැවිදි බෞද්ධයන් රවටා මුදල් හා රත්රන් එක්රැස් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව දැනුම් දෙමින් මල්වතු-අස්ගිරි උභය මහා විහාරීය මහ නාහිමිවරුන්ගේ සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ අත්සනින් යුතු ලිපියක් ජනපතිවරයා වෙත යොමුකර ඇතැයි එම වාර්තාවල සඳහන්වේ.
මේ පිලිබඳ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතාද දැනුවත් කර තිබු බවද සඳහන්ව තිබුණි.අද මේ සම්බන්ධයෙන් පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගෙන සාක්ෂි සටහන් කර ගන්නය ,ඒ වනවිට පියවර ගෙන ඇතැයිද පුවත්පත් හා වෙබ් අඩවි වාර්තාවල සඳහන්වේ,
තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහ නාහිමි, වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමි සහ දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින් අස්සන් කරනු ලැබ යොමු කළ එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.
“කුරුණෑගල, වදාකඩ පාර, පොතුහැර යන ස්ථානයේ ව්‍යාජ දළදා මාලිගාවක් නිර්මාණය කර ඉදි කෙරෙමින් පවතින බව අප වෙත දැන ගන්නට ලැබී ඇතැයි එක පුවත්පත් වාර්තාවක සඳහන්ව ඇත.තවද මේ වනවිටත් දේශීය හා විදේශීය ගිහි පැවිදි බොහෝ දෙනා මෙම මිථ්‍යාවට රැවටී මිල මුදල්, රත්රන් ආදිය පරිත්‍යාග කරන බවට ද අනාවරණය වෙමින් පවතීන බව එම වාර්තාවේ සඳහන් වේ..තවද , බෞද්ධ ජනතාවගේ සිත් පෑරෙන ආකාරයෙන් ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය සේවා ක්‍රියාකාරිකයෙකු බුදු දහමට හා ශ්‍රී දළදා වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශයන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති බව සඳහන් කොට ඇත.
මෙසේ බුදු දහමට හා ශාසනික චිර පැවැත්මට හානිකර අයුරින් හා දළදා ඉතිහාසය විකෘති වන ආකාරයෙන් ව්‍යාජ දළදා මාලිගා නිර්මාණය කරමින් මිථ්‍යා මත ඉස්මතු කර දැක්වීම හා බුදු දහම කෙරෙහි අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ පූජනීයත්වයට හා වන්දනීයත්වයට පාත්‍රව පවත්නා සෙංකඩගලපුර ශ්‍රී දළදා මාලිගාවේ පරම පූජනීයත්වයට හානිකර ක්‍රියාදාමයක් බවත් බුදු දහමට අපහාසයක් ගෙන දෙන්නක් බවත් කාටත් වැටහී යනු නොඅනුමාන ය වැඩිදුරටත් සඳහන් කර සිටී.තවද එම ලිපියේ “මෙම අබෞද්ධ මිථ්‍යා මත පතුරවමින් ඇතැම් මිථ්‍යා මතධාරීන් විසින් සිදු කරනු ලබන බෞද්ධ විරෝධී ක්‍රියා පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ සඳහන්ව තිබෙන පරිදි බුදු දහම ආරක්ෂා කොට පෝෂණය කිරීමේ කාර්යභාරයට බැඳී සිටින රජය විසින් වහා කරුණු පරීක්ෂා කොට ආරම්භයේදී ම ඒවා වළක්වාලීමට කටයුතු කිරීම බුදු දහමේ චිරස්ථිතිය හා අභිවර්ධනය පිණිස හේතුවන බව ජනාධිපතිතුමාගේ සුවිශේෂ අවධානයට යොමු කරන අතර මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම සුදුසු බව කරුණාධ්‍යාශයෙන් සිහිපත් කර සිටුම්හ.”යයි සඳහන් වේ.