අඩසියවසක සිය තෙළිතුඩෙන් නිහඬ යුග මෙහෙවරට යෙදුණු තලංගම ජයසිංහයන් සමුදුන් වගයි.

0
374

අඩසියවසක සිය තෙළිතුඩෙන් නිහඬ යුග මෙහෙවරට යෙදුණු තලංගම ජයසිංහයන් සමුදුන් වගයි.

දිවයිනේ සමාජ අසාධාරණයට එරෙහිව සිය තෙළිතුඩෙන් නිහඬ සටනක යෙදුණු ජනතා සම්මානයට පාත්‍රවූ ප්‍රවීණ චිත්‍ර ශිල්පී තලංගම ජයසිංහ මහතා ඊයේ (07) රාත්‍රියේ සිය ජීවන ගමන නිමා කළේය.1936 ජූලිමස 5 වනදා තලංගම බත්තරමුල්ලේදී උපත ලැබූ ඔහු මියයනවිට 88 වන වියෙහි පසුවිය. ඔහු කලක් ඔත්පලව සිටි අතර මිට දින 3 කට පෙර හදිසියේ අසනීපව රෝහල් ගතකර තිබුණි. ඔහු මියගොස් තිබුණේ උණ සැදී එය රෝහල්ගත කිරිමෙන්අනතුරුව නිව්මිනියාව නිසා බව සඳහන්වේ.

ඔහුගේ මුල් නම ජෝර් ජ් එඩ්මන් ජයසිංහ වූ අතර ඔහුගේ පියාව ජෝජ් ඇල්බට් ජයසිංහ නම්විය. ඔහුගේ දයාබර බිරිඳ ශ්‍රීමා ජයසිංහ (විවාහයට පෙර කොළඹගේ)යි.ඔවුනට දරුවන් තිදෙනෙකු සිටි අතර පුතුන් දෙදෙනා අසේල ,අයෝමා හා දියණිය වින්ද්‍යා ය.

දේශීය සන්නිවේදන ක්ෂේත්‍රයේ චිත්‍රකතා භාවිතය හරහා නමක් දිනා සිටින ප්‍රමුඛ පුද්ගලයකු ලෙස තලන්ගම ජයසිංහ මෙරට කාගේත් මතකයේ රැඳී ඇතුවාට සැක නැත.රුවින් නොහඳුනන නමුත් ‘තලන්ගම’ කියූ සැණින් ‘ජයසිංහ’ නාමයත් අගට එකතු වී ක්ෂණිකව ‘තලන්ගම ජයසිංහ’ යන නාමය මතක් වීමට තරම් ලාංකීය හදවත් තුළ ඔහු ජීවත් වෙමින් සිටී. පුවත්පත්, චිත්‍ර කතාව හා කාටුන් කලාව ජීවිතය කරගත් තලන්ගම ජයසිංහ වසර 19 සතුට ලංකාවේ මුල්ම පුවත්පතේ කතුවරයෙකු ලෙස සේවාවේ දී සිටියේය.2005 අවුරුද්ද වෙනකම් සිළුමිණ පත්‍රයට චිත්‍රකතා තිබුණි. චිත්‍රකතා 72ක් පමණ නිම කර ඇති ඔහු වසර 2008 දී ජේෂ්ඨ පුවත්පත් කලාවේදීන් ට පිරිනමනු ලබන ජනතා සම්මානයෙන්ද සම්මාන ලද අයෙකු විය. ඔහුගේ ඇතැම් චිත්‍ර කතා සිනමා නි ර් මාන සඳහාද තෝරාගෙන තිබුණි.

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ප්‍රවීණ පුවත්පත් කාටූන් ශිල්පී තලන්ගම ජයසිංහ කවියෙකු ගත්කතුවරයෙකුද වූ ඒ මහතා අතිශය රසික ජනාදරයට පත්වූ මහත්මා ගති පැවතුම් වලින් හෙබි දුර්ලභ අයෙකුවිය. එවැන්නන් අප රටේ ඇත්තෙන්ම ඉතා විරල බව කිවයුතුය.ඔහු නිභයව සිය නිර් මානවලින් රට කරවන්නන් නිර් ද යලෙස විවේචනය කළේය. එය සිතුවමකින් පමණක් නොව කවියද අවියක් කර ගෙන සිය කාරිය හරි හැටි ඉටු කළේය .ඇතැම් රසිකයන් පත්තර ගත්තේ එය බලන්නටය.

රවීණ පුවත්පත් කාටූන් ශිල්පී තලන්ගම ජයසිංහ කවියෙකු ගත්කතුවරයෙකුද වූ ඒ මහතා අතිශය රසික ජනාදරයට පත්වූ මහත්මා ගති පැවතුම් වලින් හෙබි දුර්ලභ අයෙකුවිය. එවැන්නන් අප රටේ ඇත්තෙන්ම ඉතා විරල බව කිවයුතුය.ඔහු නිභයව සිය නිර් මානවලින් රට කරවන්නන් නිර් ද යලෙස විවේචනය කළේය. එය සිතුවමකින් පමණක් නොව කවියද අවියක් කර ගෙන සිය කාරිය හරි හැටි ඉටු කළේය .ඇතැම් රසිකයන් පත්තර ගත්තේ එය බලන්නටය.

ලේක් හවුස් ජනතා පත්තරයෙන් ඇරඹු ඔහුගේ ජනමාධ්‍ය ගමන එහි හැම පුවත්පතකටම දායකත්වය සැපයු මාධ්‍ය වේදියෙකු විය.’විලම්බීත’ සහ ‘මනස්ගාත’ යන කාටූන් නිර්මාණය කළ ජයසිංහයන්ගේ මුල් ම චිත්‍ර කතාව ‘ඇටසැකිල්ල’යි. මිනිස් දඩයම, තවත් අවුරුදු සියයකට පසු, සෙනෙහසක කඳුලු, පණට පණ ඇතුළු චිත්‍ර කතා රැසක් නිමැවූ එතුමන් මධුර පුවත්පතට සිතුවම් ඇඳ, ලියූ චිත්‍ර කතාව පසුව තිර නාටකයෙන් දායක වී අතිශය ජනප්‍රිය වූ ‘සප්තකන්‍යා’ චිත්‍රපටය බවට පත්විය.

ඔහු දිනමිණ, සිළුමිණ, තරුණි, ජනතා, සරසවිය, නවයුගය, සිත්තර පුවත්පත් වෙනුවෙන් චිත්‍ර කතා 70 කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කළේ ය. අඩු රේඛා සංඛ්‍යාවකින් කාටූන නිර්මාණය ඔහුගේ විශේෂත්වය සහ අනන්‍යතාවයි. 1980 වස⁣රේ ‘මධුර’ පුවත්පතේ කර්තෘ පදවිය ලද ජයසිංහ අංකල් 1998 ලේක්හවුසියෙන් විශ්‍රාම ලබනා තෙක් ම එම ධුරය හෙබවී ය.

අතිපූජ්‍ය බලංගොඩ ආනන්දමෛත්‍රෙය නාහිමි චරිතාපදානය, හබරල, සිංහ කොඩිය, අරුම පුදුම කාසිය, රන් හදවත, කුරුළු උයන, බෝසත් අනගාරික ධර්මපාල වැනි ළමා කෘති සහ පිස්සු ඩබල් වැනි කාව්‍ය සංග්‍රහ එතුමන්ගේ නිර්මාණ ගොන්නයි.
ඔහු පසුකාලීන ව මෙරට කලා සහ ජනමාධ්‍ය ක්ෂේ්‍ත්‍රයන්ට සිදු කළ සේවය වෙනුවෙන් කලාකීර්ති සහ ජනාධිපති සම්මානවලින් පිදුම් ලැබී ය.

බත්තරමුල්ල, පැලවත්තේ විද්‍යාවර්ධන බෞද්ධ මිශ්‍ර පාසලෙන් මුලික අධ්‍යාපනය ලබා ගෙන තිබුනු අතර කුඩා කළ සිටම ළමා සඟරාවලට කවි, චිත්‍ර යැවීම කුඩා තලංගම විසින් සිදුකර තිබුණි. එම චිත්‍ර සඟරාවවල පුවපත්වල පළව තිබීම නිසා ඔහු ඊට යටින් කවි පද ලියා යැවීමටද පුරුද්දක් කර ගත්තේය. ඔහු කළ පාවිච්චි කළේ තලන්ගම තිලක ජයසිංහ ලෙසය.

අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැමෙන් අනතුරුව ඔහු රජයේ ලලිත කලා ආයතනයට (හේවුඩ්) පස් අවුරුදු පාඨමාලාවක් සඳහා 1951දී ඇතුලත් විය.එහිදී අධ්‍යාපනය ලද මුල් මාස තුන පසුවීමත් සමග තලන්ගමගේ දක්ෂතාව තේරුම් ගත් ගුරුවරු ඔහුට උසස්වීම් දෙකක් ලබා දුන්නේ වාර දෙකකදීම පන්තියක් පසුකර පන්තියකට යාමට ඉඩ සලසා දුන් බව ඔහු වරෙක් සඳහන් කර තිබුණි.

“චිත්‍ර, මූර්ති, මැටි හා ලාකඩ කියන විෂයන් හතරම ඔහු විසි මෙහිදී හැදෑරු අතර . ඊට අමතරව නිවාස සැලසුම පිළිබඳවත් ඉගෙනීමේ නිරතව සිට ඇත.ඔහුගේ නිවසත් මගේම සැලසුමට අනුවයි ගොඩනැගුණේ.”මේ නිසම බව වරක් ඔහු පිලිබඳ මුහුණු පොතෙහි සටහනක සය වැඩිමහල්; පුතුවූ අසේල විසින් සඳහන් කර තිබුණි.ඔහු එහි දී මෙසේ තම පියාගේ වදන් කියා තිබුනේ මෙසේය

,” මේ එක්කම මම මරදානේ ‘ටෙක්නිකල් කොලේජ්’යන්න ගත්තා වැඩිදුරටත් චිත්‍ර විෂය හදාරන්න.

හේවුඩ් එකේ ඉගෙන ගන්න ගමන් වෙළෙඳ දැන්වීම් ආයතනයක අමතර රස්සාවකට ගියේ ජීවත්වෙන්න ඉගෙන ගන්න සල්ලි ඕන නිසා. මේ වෙද්දි නංගිලා දෙන්නත් ඉගෙන ගන්නවා. එයාලගෙ ඒ කටයුතු බලන්න වුණෙත් මට. පඩිය රුපියල් 125යි. එතැනින් තව තැනකට ගියා. එතැනින් ලැබුණේ රුපියල් 150යි. මේ වගේ මම දැන්වීම් ආයතන පහක වැඩ කළා. මේ අතරේ තමයි 1956දී සිළුමිණ පත්තරේට චිත්‍ර ශිල්පියෙක් අවශ්‍යයි කියන දැන්වීම දැක්කේ. මේ වෙද්දි මගේ වයස අවුරුදු 19යි.

කොහොමහරි පත්තරයක වැඩ කරන්න තිබුණු ආසාවටම රුපියල් 250ක් වැනි වැටුපකට මම මේ රස්සාව තෝරාගත්තේ 400ක් වැනි අයදුම්කරුවන් අතරින් මාව තෝරාගෙන තිබුණු සතුටත් හිතේ ඇතිවයි.

සිය සැඳෑ සමය ගෙවන තාත්තා අදටත් පාඨක ජනතාවෙත සිය නාමය ගෙනයන්නේ ලංකාදීප පුවත් පතින් “ඒ තුමා” සහ “පලාමල්ල” යන දේශපාලන කාටූන් ද්විත්වයක් ඉදිරිපත් කරමින් යයි ඔහු එහි සඳහන් කර තිබුණි

තලන්ගම ජයසිංහ තම චරිතාපදානය කෙටියෙන් ලිවීමට අපහසුය.ඔහු අතින් නිමවු පොත කවර පිටු රැසකි. මා ලේක්හවුස් ආයතනයේ සේවය කල සමයේ එනම් 1977 තරම් දිගු කලක අප සේවාවේ යෙදුණේ එකම ආයතනයක කතු මඩුලු දෙකකය, ඔහු නිතරම සිනාමුසු මුහුණින් සිටි ප්‍රිය මනාප අයෙකු විය.මට ඉදලද විටක අපි ඔහු ඇමතුවේ තලං නමිනි.ඔහු සතට පුවත්පතේ නිතරම චිත්‍ර කතා අඳීමින් පින්සළ අතට ගෙන පුටුවට බරවී බර කල්පනාවකට යෙදී නැමී සිටි හැටි මනසේ සදා රැඳී තිබේ.එහි සිටි බොහෝ දෙනෙකු අද අප අතර නැත.තලන් මා මව බිමට ගිය විට ද අමතන්නට මුණ ගැසෙන්නටද අමතක කලේ නැත. නිතරම ඔහුගේ මුව අග රැඳී අව්‍යාජ සිනහව සදා නොවෙනස්ව රෑඳී තිබුණි. අද ඒ සිනහව වියැකි ගොසිණි.

ලන්ඩනයේ පළවූ අප පුවත්පතට ලංකා නිවුස් යුකේ ආරම්භයේ සිටම මගේ ඉල්ලිම පරිදි ඔහුගේ කාටුන් කවි පළකිරීමට කල ඇරයුම එක හෙළාම පිලිගත්තේය. ඔහුගෙන් සිදුවූ නිහතමානී එම සේවාව අපි සදා අනුමරණිය එකක් බව කිව යුතුය. එමෙන්ම ඔහු අපේ ඉල්ලීම කෙතරම් වැඩ රාජකාරි බහුල අයෙකු වූවද එම සේවාව නොපිරි හෙලාම ඉටු කළේය. අපි ඔහුගේ එම සේවාව සදා සමරන්නෙමු.ඔහු මිට අලින් ලන්ඩනයේ පලවූ ලංකා විත්ති පුවත්පතටද එළෙසම ඉටුකල බව අප මිතුරු එහි කතුවරයාවූ දයා ආනන්ද රණසිංහයන් මා සමග පැවසුවේ.අප අඩ සිය වසකට ආසන්න කළක් දැන හැඳුණු ප්‍රිය මිතුරාගේ වියෝව කොතරම් දුර බැහැර සිටියද තදින්ම අපට දැනෙන නිසාවෙන් බව කිව යුතුය.

දේශපාලකයන් ගෙන් ඇතැමුන් ඔහුට පැසසූ අතර තවත් කොටසක් ඔහුව නොරිස්ස තිබු බව වරෙක රුපවාහිනී වැඩ සටහන කවු පැතිකඩ වැඩ සටහනේදී ප්‍රකාශ කර තිබුණි.

පෙබරවාරි 09 වැනි දා පෙරවරු 08.00 සිට 11.00 දක්වා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ දේහය තැන්පත් කර තැබෙන අතර එදින පෙරවරු 11.30 ට බොරැල්ල කනත්තේ දී අවසන් කටයුතු සිදු කෙ⁣රේ. කිසිදු විශේෂ චාරිත්‍රයකින් තොර ව පැය 24 ක් තුළ සිය කය මේ පරිසරයට එක් කරන්නැයි ඒ මහා කලාකරුවා ඉල්ලා තිබිණි.

තලන් ඔබ අප රටේ සමාජ අසාධාරණයට එරෙහිව සිය තෙලි තුඩින්, කාටුන් කවියෙන් කරණ ලද මෙහෙය සදා සමරනු ඇත.

ඔබට අමාමහ නිවන් සුව පතන්නෙමු – ඔබට සුබ ගමන්

ශාන්ත සේනාධීර – ලංකා නිවුස් යුකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here