වීරපුරන් අප්පු (36) 1846 – සුනිල් සාන්ත(36) 1952

0
312

dpntesoSro

08a11a3atm80ft4gu1c7d 375fYt5:00 0eey43r1t10612as4  · 

වීරපුරන් අප්පු (36) 1846 – සුනිල් සාන්ත(36) 1952

වර්ග දෙකක පාවාදීම්. නමුත් අවසන් ප්‍රතිඵල අපේ එකා නසා දමා විදේශීකයාට ආ වැඩීම. වීරපුරන් අප්පු කතාව උපුටා ගැනීමක්. පහතින් ඇත. සුනිල් සාන්ත කතාව ලියන්නේ මා. මෙය මා ලියන්නේ සත්‍ය දැනුවත් කිරීමට මිස කිසිවෙකුට පහර ගැසීමට නොවේ. නමුත් ඔබ සමහරෙක් වීරයන් සේ සලකන චරිත ගැන මේ ලියන දෙයින් ඔබේ සිත් තැව්ල් වන්නේ නම් එය අමතක කර සත්‍ය සොයා බලා සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්නෙක් වන්න.

සුනිල් සාන්තයන් 1944 ඉන්දියාවේ සිට ලංකාවට එන්නේ එවකට ලංකාවේ සංගීතයේන් ඉහලටම උගත් කෙනා ලෙසයි. ඒ ගායනය සහ වාදනයේ පළමු පංතියේ සාමාර්ථ සහ වාදනයෙන් පංතියේ පළමු වැනියා ලෙස (batch top) වී මෙන් ය. එසේ පැමිණි ඔහුට රජයෙන් දෙන්නේ සරඹ ගුරු පත්වීමකි. එය ඉවත දැමු සුනිලුන් තම දැනුම පාවිච්චි කර අපේ රටට අපේමයි කිව හැකි සංගීතයක් බිහිකිරීමට වෙහෙස වීමට තීරනය කරයි. මේ තීරනය ගැනීමට ඔහුට සවියක් වන්නේ කුමාරතුංග මුනිදාසයන්ගේ රට වෙනුවෙන් පැවති ආකල්ප ය. ඉතාමත් සුළු කලකින් සුනිල් සාන්තයන් අප රටේ ජනප්‍රිය ම ගායකයා බවට පත් වන්නේ අලුත්ම ආරක සුනිල් ගී තුලින් ය. මේ ගී ධාරාව ගොඩනැගී ඇත්තේ අපේ පොලවේ වර්ණය තුලින් බව සංගීත පර්යේක්ෂකයින් අද වන විට පෙන්වා දී ඇත.

කරුණු මෙසේ වන විට, උතුරු ඉන්දියානු රාගධාරි සංගීතය අපේ සංගීතයම විය යුතුයි කී කොටසකට සුනිල් සාන්තයන් මහත් හිසරදයක් වන්නට විය. සුනිල් සංගීතය හොඳින් හෝ නරකින් නවත්වන්න මේ අය ක්‍රියාත්මක වු අතර අවාසනාව වන්නේ ඒ මුල් වු දෙදෙනා සුනිලුන්ගේ හැකියාවන් හොඳින්ම දන්නා දෙදෙනෙක් වීමය. පළමුවැන්නා මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ය. ඔහු සුනිලුන් සමඟින් ඉන්දියාවේ ශාන්තිනිකේතනයේ එකට උගත් සුනිලුන්ගේ හැකියාවන් මනාව දත් අයෙක් විය. දෙවැන්නා ලයනල් එදිරිසිංහ මහතා ය. ඔහු සුනිල් සාන්තයන් සමඟ ඉන්දියාවේ භාත්කන්ඩයේ විශ්වවිද්‍යාලයේ එකට උගත් අයෙක් විය. ඔහු සුනිලුන් ගේ සංගීතයේ දස්කම් ඉහලින්ම දත් කෙනෙක් විය. භාත්කන්ඩයේ ‘Golden Voice’ නමින් සුනිලුන්ගේ ජනප්‍රියත්වය ද ඔහු දැන සිටියේ ය. 1952 වන විට සුනිල් සාන්තයන් ශ්‍රී ලාංකීය පොලවේ සිංහල සංගීතයක් ඉතා සාර්ථකව ගොඩනගමින් සිටියේ ය. අලුත් දෙයක් සාර්ථක වන්නේ ඒ වෙනුවෙන් බලකිරීමකින් තොරව ඉල්ලුමක් ඇති නම් පමණි. එය සුනිල් සංගීතයට නොඅඩුව තිබිණ. මෙන්න මෙය ඉන්දියානු ගැති, ඉන්දියානු සංගීතයක් අපේ කරන්න ඇපකැප වී සිටි ‘එදිරි’ කාරයින්ට ජය ගත නොහැකි තර්ජනයක් විය.

එවකට ලොව දෙවනි ගුවන්විදුලිය වු Radio Ceylon හරහා අප රටේ ගුවන්විදුලි වැඩසටහන් ඉන්දියාවට ද ඇසෙමින් පැවතිනි. ඉන්දියානු රාඟධාරි සංගීතය ලංකාවේ ප්‍රචලිත වීම වෙනුවට සුනිල් සංගීතයක් ලංකාවේ වැඩෙමින් පැවතිණි. C.T. ප්‍රනන්දු, P.L.A. සෝමපාල, පැට්‍රික් දෙනිපිටිය වැන්නෝ සුනිල් සාන්තයන්ගේ ජනප්‍රියත්වය දැක රාගධාරි සංගීතයෙන් බැහැරවු ගී රටට දුන්හ. මේ අතර 1952 ගුවන්විදුලිය අපේ රටේ සංගීත ශිල්පීන් වර්ග කරන්නට ඉන්දියාවේ භාත්කන්ඩේ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රතන්ජන්කර් මහතා ලංකාවට ගෙන්වීය. මෙයට උපදේශකත්ව ලැබුනේ සුනිල් සාන්ත එදිරි-වාදින් ගෙනි. සුනිල් සාන්තයන් එක හෙලාම එයට විරුද්ධ විය. ඔහු කියා සිටියා මා දැනට සාදාගෙන යන අපේ සිංහල සංගීතය වර්ගීකරණය කරන්න මගේ ගුරුතුමා උනත් රතන්ජන්කර් මහාචාර්ය වරයාට නොහැකි බව. තවත් ඔහු කියා හිටියා අපේ රටේ සංගීත ශිල්පීන් වර්ගීකරණය කරන්න පිටරැටියෙක් අවශ්‍ය නැති බව. අවාසනාවට ඒ රතන්ජන්කර් වර්ගීකරණය සිදු විය. සුනිල් සාන්තයන් පමනක් එය වර්ජනය කලේය. ඔහුව ගුවන්විදුලියේ සංගීත වැඩසටහන් දීම නවතා දැමීය. ගුවන්විදුලියට පමණක් ගී ගැයු සුනිල් සාන්ත ගී රටට නොඇසී ගියේ ය. රාගධාරි සංගීතය රටේ සංගීත විද්‍යාලය තුලින් ප්‍රචලිත කරමින් සිටි එහි අධිපති ලයනල් එදිරිසිංහයන් සතුටින් ඔහුගේ කාර්ය කරගෙන යන්නට විය. ඔහු කොතරම් ඉන්දියානු ගැති ද යත් කියන්න ඔහුගේ ඇඳුම ප්‍රමානවත් ය. ඒ ඉන්දියානු ඇඳුමයි. අපේ සංගීතය ඉන්දියානු රාගධාරි සංගිතය විය යුතුයි කී සරත්චන්ද්‍රයෝ ද සුනිලුන් නවතා සැනසුම් සුසුම් හෙලන්නට ඇත. මේ තමා 1948 ඉංග්‍රීසින් ගෙන් ලද නිදහසින් පසු අපේ රට ඉන්දියානු ගැති කිරීමට තැබූ මුල්ම වෙඩි පහර, ඒ තමා ශ්‍රී ලාංකීය වර්ණයෙන් වර්ණවත් වු සිංහල ගී ආරක් බිහි කරමින් සිටි සුනිල් සාන්තයන් ගුවන්විදුලියෙන් පිටමං කිරීම. ඔබ යමෙක් ඒ 1952 රතන්ජන්කර් සංගීත ශිල්පීන් වර්ගීකරණය සාධාරණීය කරන්නේ නම්, හිතන්න වසර 15 කට පසු 1967 ගුවන්විදුලි ශිල්පීන් වර්ගීකරණය කිරීම ඇයි සුනිල් සාන්තයන්ට පැවරුවේ කියා? එවිට ඔබට තේරුම් යාවි 1952 දීත් අපේ ශිල්පීන් වර්ගීකරණය කරන්න සුදුස්සා සුනිල් සාන්තයන් බව. එසේ වූයේ නම් ?….

අදටත් සුනිල් සාන්ත ගී ආර නිදහසේ වැඩෙන්න නොදී කපා හෙලීම වෙනුවෙන් පෙනී සිටින්නෝ ඇත. හොඳින් බැලුවහොත් සොයා ගත හැක්කේ ඔවුන් වැඩි දෙනෙක් ඉන්දියානු ගැත්තන් බවය. ඒ අය සුනිල් ගී ධාරවට පල්ලියේ හෝ කන්ථාරු ගායනා කියා ඔප්පු නොකල බොරු කියා සිටී. එසේ කියන ඔවුන්ම සරත්චන්ද්‍රයන්ගේ මනමේ සහ සිංහභාහු ගී උජාරුවෙන් ගයන්නේ ඒ ගීතනු කෙලින්ම කොපි කර ඇත්තේ කතෝලීක පල්ලියේ ගීතිකා වලින් බව දැන හෝ නොදැනය. එලෙසම ඔවුන් නොදැක්කා සේ ඉන්නේ එම නාට්‍ය තුලින් රටේ සංස්කෘතිය කල හානීන්‍ ය. ඔබම හිතන්න සිංහයෙක් ගෙන් පැවතෙන සිංහලයෝ -සිංහ ලේ- බින්නය පිළිගත් අය ගැන. පුතා විසින් තාත්තා මරා දැමීම. කුමරිය කඩුව වැදි රජාට දීමෙන් දුන් පණිවිඩය. අනිත් අතට සුනිල් සංගීතයෙන් ඔපනැන්වු රටේ පරිසරය, මිනිසුන් තුල වැඩිය දේශාභිමානය, මිනිස් සිත් තුල නැන්වු එකමුතුකම්, සියුම්ව සැමට දුන් ආදරය යනාදිය රටේ සංස්කෘතිය ට දුන්නේ ධනාත්මක එකතූන් ය. ඔබ තවත් සිතා බලන්න ඇයි රජයේ සංගීත විද්‍යාලයේ කිසිම තනතුරක් සුනිල් සාන්තයන්ට නොදුන්නේ කියා? සුනිලුන්ගේ භාත්කන්ඩේ විශ්වවිද්‍යාලයේ සමකාලිනයෙක් වු ලයනල් එදිරිසිංහ මහතා එහි අධිපතිව ඇයි සුනිලුන්ව සංගීත විද්‍යාලයට නොගත්තේ කියා. (යමෙක්ට හැකි නම් ලයනල් එදිරිසිංහ මහතාගේ භාත්කන්ඩේ සංගීත විද්‍යාලයේ උපාදි සහතිකයේ කොපියක් රටට දකින්න දෙන්න. එත් එක්කම ඔහු අප රටට දායාද කල සංගීත කෘතීන් කීපයක් ද රටට පෙන්වන්න)

මේ සැම මා ඉදිරිපත් කරන්නේ රටේ බහුතරයට සත්‍ය ඉතිහාසය දිග හැරීම මගේ යුතුකමක් සේ සලකා ය. අද අපි දකින අප රටේ ඉන්දියානුකරනයේ මුල තමා සුනිල් සාන්ත සංගීතයේ ගමන් මඟ 1952 කපා හෙලීම.

වීරපුරන් අප්පුව විදේශීකයින්ට පාවා දුන්නේ ඔහුට වයස 36 දී අපේම අය.

සුනිල් සාන්ත සංගීතය කපා හෙලමින් අපේ රටේ ඉන්දියානුකරනයට අඩිතාලම දමන්නේ සුනිල් සාන්තයන්ට වයස 36 දී ය. ඒ පාවාදීමේ පාපය ද අපේම අය සතුය.

ලංකා සාන්ත

විරපුරන් අප්පු කතාව කියවන්න පහතින්.👇🏽

———–

වීරපුරන් අප්පුට දඩුවම් දිමට පෙර පවුම් 100 යට ඔත්තු දුන් අයට සුද්දා පළමුව දඩුවම් කලේ ඇයි??😮

පුරන්අප්පු වීරයෙකු සේ බැබළෙමින් සිටියේ නැත. ඔහු වීරයකු සේ වැඩකළ මිනිසෙකි. පොඩි මිනිහාට අසාධාරණකම් කරන ලොකු මිනිසුන්ට වෛර කළ පුරන්අප්පු, වරක්‌ ඩෝසන් නමැති සුදු නඩුකාරයාගේ නිවස මංකොල්ල කෑවේය. එසේ කළේ දුප්පත් මිනිසෙකුගේ නඩු විභාගය සුදු නඩුකාරයා හරිහැටි නොකිරීම නිසාය. මංකොල්ලකෑ කිසිවක්‌ම පුරන්අප්පු තමන් සතු කරගත්තේ නැත. ඔහු කොල්ලකෑ සියල්ල බෙදා දුන්නේ දුප්පතුන්ටය. එහෙත් ඉංග්‍රීසින්ට මේ ශ්‍රී ලංකා රොබින්හුඩ් මහත් හිසරදයක්‌ විය. ඉංග්‍රීසිහු පුරන්අප්පු අල්ලා හිරේ දැම්මාහ. පුරන්අප්පු යකඩ කූරු ගලවාගෙන හිරෙන් පැන ගියේය. යළිත් හිරගත කෙරිණි. හේ යළිත් පැන්නේය. ඉනික්‌බිති ඉංග්‍රීසින්ට පුරන්අප්පු අල්ලාගත නොහැකි විය. මිනිස්‌සු පුරන්අප්පු පාවා නුදුන්හ.

ඉංග්‍රීසින්ට දාමරිකයකු වුවද සිංහල පොදු ජනයාට පුරන්අප්පු වීරයෙක්‌ විය.

1846 වර්ෂය ඉංග්‍රීසින්ට අපල කාලයක්‌ විය. කෝපි වගාවට සෑදුණු වසංගත රෝගයක්‌ හේතුවෙන් ඉංග්‍රීසි රජයේ ආදායම ශීඝ්‍රයෙන් පහළ වැටෙන්නට විය. රටේ ආර්ථිකය පවත්වාගෙන යැමට ඉංග්‍රීසීහු විවිධාකාර බදු පනවන්නට වූහ.

සාප්පු, බෝට්‌ටු සහ කරත්ත ව්‍යාපාර කරගෙන යන අයගෙන් වසරකට පවුම් 1 ක බද්දක්‌ද, තුවක්‌කුවක්‌ සඳහා සිලිම් 1 1/2 ක බද්දක්‌ද, බල්ලෙක්‌ සිටී නම් සිලිමක බද්දක්‌ද රජයට ගෙවන ලෙස නියම කරන ලදී.

මේ බදු අතරින් ඉතාම පීඩාකාරී බද්ද වූයේ ඇඟ බද්දයි. පවුලක පිරිමියා විසින් ඇඟ බද්ද යනුවෙන් සිලිම් 3 ක බද්දක්‌ රජයට ගෙවිය යුතු විය. දුප්පත් ගැමි ජනතාවට සිලිම් තුනක්‌ සොයා ගැනීම ඉතා අපහසු කරුණක්‌ විය. සිලිම් 3 ක ඇඟ බද්ද නොගෙවන්නේ නම් දින 6 ක්‌ පාරේ වැඩ කළ යුතු විය.

ජනතාව හෙම්බත් කළ මේ බදු නිසා ජනතා විරෝධය බුර බුරා ඇවිලෙමින් තිබුණි. ඊට නායකත්වය දුන් නායකයන් අතර කැපී පෙණුනු නායකයා පුරන්අප්පුය.

බදුවලින් මිරිකෙමින් සිටි දුගී ජනයා පුරන්අප්පු වටා රොක්‌ වන්නට වූහ. මේ වන විට ඔහු සිටියේ මාතලේය. කරෝ අප්පු සහ දීනිස්‌ නමින් ඔහුට විශ්වාසවන්ත එමෙන්ම නිර්භීත සගයන් දෙදෙනෙක්‌ද විය. ඒ දෙදෙනාද එකතු කරගත් පුරන්අප්පු ජනයා රැස්‌ කරගෙන මාතලේ අවට සුද්දන්ට අයිතිව තිබූ කෝපි වතු ගිනි තබන්නට විය.

මාතලේ බැප්ටිස්‌ට්‌ පල්ලියට බරපතල හානි සිදුකළ පුරන්අප්පු මාතලේ හිරගෙදර කඩා සිරකරුවන් එළියට ගත්තේය. සුද්දන්ගේ තානායමට, නිල නිවාසවලට පහර දෙද්දී සුද්දොa පළාගියහ. අන්තිමේදී සුද්දන්ගෙන් හිස්‌වූ මාතලේ නගරයේ නායකයා වූයේ පුරන්අප්පුය.

මාතලේ ඉංග්‍රීසි කඳවුර භාරව සිටි කපිතාන් වොට්‌සන් සිය සේනාංකයද කැටිව මහනුවරට පසු බැස්‌සේ අතිශයින් ලැඡ්ජා සිතිනි.

පුරන්අප්පු පසුවූයේ ජයග්‍රාහී සිතිනි. ඔහු සිටියේ සුද්දාට දිගටම පහර දෙන්නේ කෙසේදැයි කල්නා කරමිනි. ආරක්‍ෂිත ස්‌ථානයක්‌ වශයෙන් රැය ගත කිරීමට ඔහු තෝරා ගත්තේ වාරියපොළ තැනකි.

රාත්‍රිය එළැඹෙත්ම ඔහුගේ සටන් සගයෝ ඔහු වටා වාඩිලාගෙන සාමීචියේ යෙදී සිටියහ. ඒ අතර බැද්දගේ අල්විස්‌ සහ හේවා හකුරු සමඟ තත් හත්දෙනකුද මේ ආරක්‌ෂිත ස්‌ථානයේ වාඩිලාගෙන සිටියහ. ඒ පිරිස පුරන්අප්පු සමඟ දැන හැඳුනුම්කම් ඇති අය බැවින් සැකයක්‌ නොවීය.

බොහෝ රෑ බෝවීමෙන් අනතුරුව පුරන්අප්පු සගයන්ගෙන් වෙන්වී වෙනත් ආරක්‌ෂිත ගල් ලෙනකට ගියේ නිදාගනු පිණිසය. බැද්දගේ අල්විස්‌ පුරන්අප්පු යන පාර දෙස හොඳින් බලා සිටියේය.

කළුවරෙහි මේ නොපෙනී යන්නේ අල්ලා දුනහොත් පවුම් 100 ක්‌ ගත හැකි වටිනා මිනිසෙකි.

. බැද්දගේ අල්විස්‌ නිදා ගත්තේ නැත. එළිවන පැයේදී තමා සමඟ පැමිණි සෙසු සත්දෙනා සමඟ හෙමි හෙමින් පුරන්අප්පු නිදා සිටි ගල් ගුහාවට ළංවූහ.

පුරන්අප්පු තවමත් නින්දේය.

එක පොදියට පැනගත් පිරිස සෙලවෙන්නට වත් ඉඩක්‌ නොතබා පුරන්අප්පු අල්ලා ගත්හ. වැල්පොටවල්වලින් තදකොට බැන්දාහ.

මහනුවරට පළාගොස්‌ සිටි කැප්ටන් වොට්‌සන් මේ ආරංචියෙන් උඩ පනිමින් සිනාසුණේය. නවදෙනාගේ කල්ලිය පුරන්අප්පු මහනුවරට ගෙන ආවේ පවුම් සීයේ අති විශාල ත්‍යාගය පිළිබඳ සිහින මවමිනි.

එහෙත් සිදුවූයේ අනිකකි.

“මුං මුන්ගෙ නායකයා පාවා දුන්නා නම් කොයි වෙලාවක හරි අපිවත් පාවාදෙයි. එසේ කී මහනුවර පාලක සුද්දා බැද්දගේ අල්විස්‌ හා හේවා හකුරු දෙදෙනා ද හිර භාරයට ගන්නා ලෙස නියම කළේය

පාවා දෙන්නන්ට ලැබුණු ත්‍යාගය එපමණකි.

පුරන්අප්පුට එරෙහි නඩු විභාගය ඉතා කෙටි එකක්‌ විය. සුද්දන්ට වුවමනා වී තිබුණේ නඩු විභාග කරන්නට නොව ඉක්‌මනින් පුරන්අප්පු ඉවරයක්‌ කර දමන්නටය.

“නුඹලා පුරන්අප්පුට යුද්දෙදි උදව් කරල තියෙනවා. එ aවරදට දඬුවම උඹලා දෙන්නා අවුරුදු දාහතරකට රටින් පිටුවහල්….”

යුද්ධාධිකරණ ලොක්‌කා මේජර් ඇµa. ලුෂින්ටන් පළමුවර දඬුවම දුන්නේ පවුම් 100 කට පුරන්අප්පු අල්ලා දුන් බැද්දගේ අල්විස්‌ට සහ හේවා හකුරුගේටය.

ඊළඟට ලුෂින්ටන් හැරුණේ පුරන්අප්පු දෙසටය.

“උඹට අවසන් වතාවට යමක්‌ කියන්න තියෙනවද…”

“මගේ අම්මා මං වගේ තව දහදෙනෙක්‌ වැදුවා නම් මේ රටේ එක බිම් අඟලක්‌ අයිති කරගන්න පර සුද්දන්ට ඉඩ තියන්නෙ නෑ…”

පුරන්අප්පු එසේ කියනවාත් සමඟම “මූට වෙඩි තියාපල්ලා” යෑයි යුද්ධාධිකරණ නායකයා කෑගෑවේය.

වහාම වෙඩි තැබිණි. පුරන්අප්පු දළදා මාළිගාව දෙසට හැරී දෝත් මුදුන් දී වැඳගෙන මැරී වැටුණේය.

වයස අවුරුදු 36 සපිරෙද්දී ශ්‍රී ලංකාවේ නිදහස පතා සටන් කළ වීරයෙකුගේ අවසානය එසේ සිදුවිය.

ඉංග්‍රීසින් තුළ මේ තරුණ වීරයා කෙරෙහි ගෞරවයක්‌ තිබුණි. ඉංග්‍රීසීන්ගේ මාතලේ සුසාන භූමිය පිහිටුවා තිබුණේ මැක්‌ඩෝවල් බලකොටුව තුළය. එහි ඔහු සමඟ වෙඩි තබා ඝාතනය කළ එකොළොස්‌ දෙනකුගේ මළසිරුරු පේළියට තැන්පත්කොට ඒවා මතුපිට කෙටි ගල්කණු සිහිවටන වශයෙන් තබන්නට තරම් ඉංග්‍රීසිහු කාරුණික වී ඇත. එම ගල්කණු පේළියේ තුන්වැනි ගල තබා ඇත්තේ පුරන්අප්පුගේ සොහොන මතය. අදටත් aමාතලේ සුසාන භූමියේ පුරන්අප්පු සොහොන දැකිය හැක.

අනිත් යුතුකම ඉෂ්ට කොට ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. මහනුවර මාතලේ ප්‍රධාන මාර්ගය අසබඩ වාරියපොළ නම් කුඩා ගම්මාන සීමාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරන්අප්පු ස්‌මාරකයක්‌ පිහිටුවා තිබේ. මෙම ස්‌මාරකය පිහිටුවා ඇත්තේ පුරන්අප්පු පවුම් 100 කට ගිජුව ඔහුව අල්ලා දුන් ස්‌ථානයේ බව සැළකේ.

චන්ද්‍රසිරි දොඩන්ගොඩ

Indu Abenayake

උපුටා ගන්නා ලද්දකි❤️🙏

#බදුල්ලේඅපි#Badulla

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here