සිරකරුවන් 754කට හෙට නිදහස

0
336

සිරකරුවන් 754කට හෙට නිදහස
ARUNA LK NEWS
03 February 2024

76 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව හිමිවීමට නියමිතය.

ඒ අනුව, දිවයින පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 754ක් හෙට (04) දිනයේදී නිදහස් කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්හට එම විශේෂ රාජ්‍ය සමාව ප්‍රධානය කර තිබේ.

ඒ අනුව ජාතික නිදහස් දිනය වෙනුවෙන් විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන පිරිමි සිරකරුවන් 729ක් ද, කාන්තා සිරකාරියන් 25 ක් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here