ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි ජයක්

0
305

ARUNA LK NEWS

05/01/23

ඉන්දීය කණ්ඩායම සමග පැවැති දෙවන පන්දුවාර විස්ස තරගය ලකුණු 17කින් ජය ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (05) සමත් විය.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 6ක් දැවී ලකුණු 206ක් රැස්කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් නොදැවී පන්දුවට පහරදුන් නායක දසුන් ශානක පන්දු 22කදී ලකුණු 56ක් ලබාගැනීමට සමත් විය.
ඊට දැවැන්ත හයේ හර 6ක් සහ හතරේ පහර 2ක් ද ඇතුළත් වේ.
කුසල් මෙන්ඩිස් ලකුණු 52ක් රැස්කර ගත්තෙ පන්දු 31කදීය.
ඊට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 3ක් ද ඇතුළත් වේ.

චරිත් අසලංක ලකුණු 37ක් රැස්කර ගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී ඉන්දීය පිල වෙනුවෙන් උමරන් මලික් කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව පිටියට පැමිණි ඉන්දීය පිලට පන්දුවාර විස්ස තුළ කඩුළු 8 ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 190ක් පමණී.
ඉන්දීය පිල වෙනුවෙන් අක්සාර් පටේල් දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 3ක් ද සමග ලකුණු 65ක් රැස්කර ගත්තේ පන්දු 31ක් තුළදීය.

ප්‍රබල පිතිකරු සූර්ය කුමාර් යාදේව් ලකුණු 51ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් ද සමගය.

ඒ අනුව තරග 1ට 1ක් ලෙස ජයගෙන කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here